ආර්ථික සහ සංවර්ධන පුවත්

පසුගිය කාලය තුළ ගත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම, ඉන්ධන හා ගෑස් මිල අඩු වීම, ආහාර මිල ගණන් යථා තත්ත්වයට පත් වීම යන කරුණු අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය) මින් පෙර පැවති පුරෝකථනයන්ට වඩා වේගයෙන් අඛණ්ඩව පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව ජුනි මස නවතම වාර්තා මඟින් සදහන් කරයි.

ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල බස් රථ කොන්දොස්තරවරු රහිතව අධිවේගී මාර්ගවල ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතිය සහ වැටලීම් හේතුවෙන් දෛනික ආදායම රුපියල් පන්ලක්ෂ අසූ තුන්දහසකින් වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා 'දිනමිණ'ට පැවසීය.

ආදායම ලක්ෂ 5ක් දක්වා වැඩි කරන්න වැඩපිළිවෙළක්
කෘෂි ව්‍යාපෘතිවලට උතුරේ තරුණයන්ට ඉඩම් අක්කර 8000ක්

ග්‍රෑම් 450 ක් බරැති පාන් ගෙඩියක සහ බනිස්, මාළුපාන්, රෝල්ස්, පැටිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඊයේ (20 දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය.

අඟහරුවාදා, 20 ජූනි 2023 09:46

සිමෙන්ති ආනයන බදු ඉහළට

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ජූනි මස 17වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.

මෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

සති දෙකකට ආසන්න කාලයක සිට ඔක්ටෙන් 95 වර්ගයේ පෙට‍්‍රල් වල හිඟතාවයක් පවතින බව ඛණිජ තෙල් බෙදුම්කරුවන් පවසයි.

කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ යෙදවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අමාත්‍යවරයා සදහන් කළේ ඉන්ධන වලින් පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම සහ ඉන්ධන මිල ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තු වැඩිවීමේ ගැටළුවට විදුලි බස් රථ හොද විසඳුමක් බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණාගාර සහ රෝග නිර්ණය කිරීමේ සේවය වන ලංකා හොස්පිටල්ස් ඩයග්නෝස්ටික්ස් ආයතනය Lanka Hopitals Dignostics දකුණු ආසියානු කලාපයේ විශාලතම පහසු ගෙවීම්’ (Buy Now – pay later) දුරකතන යෙදවුම වන කොකෝ (KOKO Mobile APP) සමඟ සහයෝගීතාවයකට පසුගියදා එළඹියේය.

අද (17 වනදා) පෙරවරු 7.00 සිට ජූනි 18 වනදා පෙරවරු 5.00 දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website