සෙනසුරාදා, 12 අගෝස්තු 2023 11:28

වසර 47කට පසු රුසියාවෙන් සඳට රොකට්ටුවක් Featured

වසර 47කට පසු පළමු වරට රුසියාව විසින් සඳ වෙත රොකට්ටුවක් යවනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චන්ද්‍රයාගේ දක්ෂිණ ගෝලයට පතිත කිරීමට සැලසුම් කර ඇතැයි කියන ලූනා – 25 නැමැති මේ රොකට්ටුව ඊයේ ගුවන් ගත කර ඇති අතර, එය දින 5කට පසු චන්ද්‍ර කක්ෂයට ඇතුළු වනු ඇතැයි අනුමාන කර තිබේ.

මීට පෙර රුසියාව සඳ වෙත රොකට්ටුවක් යවනු ලැබුවේ 1976 දී එවකට සෝවියට් රුසියාව ලෙස පැවැති කාලසීමාවේදී වන අතර, වසර 2011 දී සහ 2016 දි දෙවතාවක්ම සඳ වෙත රොකට්ටු යැවීමට රුසියාව ගත් උත්සාහය අසාර්ථක වී තිබිණි. ලූනා – 25 රොකට්ටුව මේ මස 23 වැනිදා සඳු මත ගොඩ බසිනු ඇතැයි පැවැසෙන අතර, පසුගිය මාසයේ 14 වැනිදා ඉන්දියාව විසින් යවනු ලැබූ චන්ද්‍රයාන් – 3 රොකට්ටුව ද සඳ මත පතිත වීමට නියමිතව ඇත්තේ එදිනම වීම විශේෂත්වයකි.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website