අඟහරුවාදා, 15 අගෝස්තු 2023 09:59

යොහානිට පසු ඉන්දියාව කලඹන අපේ කිල්මිෂා අමතක කළ යුතුද? Featured

යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වාගෙන් පසු යාපනයේ විදුහලක 8 වසරේ අධ්‍යාපනය ලබන කිල්මිෂා දියණිය ඉන්දියාවේ ප්‍රසංග වේදිකාවේදී මහත් කතාබහකට ලක්ව සිටී.

ඇය සහභාගි වූ සුප්‍රකට ඉන්දීය රියැලිටි ප්‍රසංගයකදී ඇගේ මධුර ස්වරයට වශී වූ විනිසුරු මඬුල්ල ඇයට සුබ පැතුම් එක්කළේ දෑස්වලින් ගලා හැලුණු සතුටු කඳුළු මැදය.

මෙම රියැලිටි ප්‍රසංගයේදී කිල්මිෂා පිළිබඳව විනිශ්චය කිරීමට ඉන්දියාවේ ප්‍රකට සංගීත ශිල්පීහු සහ ගායනවේදීහු එක්ව සිටියහ. ගී ගැයීමෙන් පසු ‘ඔබේ රට කුමක්ද’ යන්න ඇගෙන් විමසූ අවස්ථාවේදී ඇය ‘මම ශ්‍රී ලංකාවේ’ යැයි කීවාය. ඔබේ ගම කොහේදැයි ඇසූ විට ඇය යාපනයේ බව කීවාය. විනිසුරු මඬුල්ල කිල්මිෂාගේ ගායන හැකියාව මහත් ඇගයීමට ලක්කරද්දී ඇගේ දෙමාපියන් සහ සොහොයුරා ද එම සතුට පළ කළේ විනිසුරුවරුන් සමග එක්ව සතුටු කඳුළු වගුරුවමිනි.

තමිල්නාඩුවේ පැවැති මෙම රියැලිටි වැඩසටහනේදී තරග වට කිහිපයකින්ම ජය ලැබූ කිල්මිෂා ගායනා කළ සියලු ගීත විනිසුරුවරුන්ගේ මෙන්ම ප්‍රේක්‍ෂකයන්ගේ ද ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය.

දේශයේ නාමය ජාත්‍යන්තරයේ ඔසවා තැබූ යාපනයේ උපන් කිල්මිෂා දියණියට අපි සුබ පතමු.


සුජීව තත්සර

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website