බ්‍රහස්පතින්දා, 17 අගෝස්තු 2023 08:17

චීනයේ රැකියා වියුක්තිය ඉහළට Featured

චීනයේ තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය ඉහළ යමින් ඇති බව ඉකුත් මාස කිහිපයේදී වාර්තා විය.

කෙසේවෙතත් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉහළ යන විරැකියාව සැඟවීමට චීනය සංඛ්‍යාලේඛන නිකුත් කිරීම නතරකර ඇති බවය.

චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය ඊයේ නිවේදනය කර ඇත්තේ වයස් කාණ්ඩය අනුව විරැකියාව පිළිබඳ මෙම මාසයට අයත් දත්ත නිකුත් කිරීම නතර කරන බවය.

ඒ අනුව චීනයේ තරුණ ප්‍රජාව අතර විරැකියාව තවදුරටත් වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇතැයි අනුමාන කළ හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

චීනය අවසන් වරට විරැකියා දත්ත ඉකුත් ජුනි මාසයේදී නිකුත් කර තිබූ අතර එම දත්තවලට අනුව චීනයේ වයස අවුරුදු 16 සිට 24 දක්වා වූ තරුණ ප්‍රජාව අතර විරැකියා අනුපාතය ජුනි මාසයේදී වාර්තාගත ලෙස සියයට 21.3 දක්වා ඉහළ ගොස් තිබූ බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website