සෙනසුරාදා, 30 සැප්තැම්බර් 2023 11:38

ඇතුළු වෙන්න අවසර නැති චීන නැව ලංකාව දෙසට.. Featured

Shi Yan 6 චීන පර්යේෂණ නෞකාවට ඔක්තෝබර් මාසයේ කොළඹ වරායේ නැංගුරම් ලෑමට අවසර දී නැති බව විදේශ ඇමති අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබුණද එම නෞකාව ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම සම්බන්ධ මිශ‍්‍ර සංඥා ශ්‍රී ලංකාවේ විසින් නිකුත් කර ඇති බවත් තත්ත්වයක් මත නෞකාව ඉන්දියානු සාගර ඇතුළු වී ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් තිබෙන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එයට කොළඹ වරායේ නැංගුරම් ලෑමට අවසර දී නැති බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පසුගිය දා පැවසුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී සිදුකිරීමට නියමිතය චීන සංචාරය අතරතුර දී හෝ ඉන් පසුව මෙම නෞකාවට කොළඹ වරායේ නැංගුරම් ලෑමට ඉඩදෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට ඉඩ ඇති බවද වාර්තාව කියා සිටියි.

CN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website