සදුදා, 02 ඔක්තෝබර් 2023 10:59

නිව්යෝර්ක් නුවරට ගංවතුර තත්ත්වයක් Featured

ප්‍රබල කුණාටු සහ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 29 වැනිදා සිට නිව්යෝ(ර්)ක් නගරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

නගරයේ බොහෝ උමං මාර්ග පද්ධති, වීදි සහ මහාමාර්ග ගංවතුරින් යට වී ඇති අතර, ලාගාර්ඩියා ගුවන්තොටුපළේ එක් පර්යන්තයක් ද වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නිව්යෝ(ර්)ක් ආණ්ඩුකාරවරිය වන කැතී හෝචුල් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ, ආරක්ෂිත ව සිටීමට පියවර ගන්නා ලෙසත් කිසිවිටක ගංවතුරින් යට වූ මාර්ගවල ගමන් කිරීමට උත්සාහ නොකරන ලෙසත්ය.

නිව්යෝ(ර්)ක් නගරය හා ඒ ආශ්‍රිත පොදු ප්‍රවාහන පද්ධතියට ද බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

නිව්යෝ(ර්)ක් නගරයට මෙන්ම නිව් ජර්සි යන නගරවලට ද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

DN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website