සෙනසුරාදා, 07 ඔක්තෝබර් 2023 09:50

ඇමරිකාව යුක්‍රේනයට වෙඩි උණ්ඩ මිලියන 1.1ක් යවයි Featured

ඉරානයේ සිදු කළ වැටලීම්වලදී සොයාගත් වෙඩි උණ්ඩ මිලියන 1.1 ක ප්‍රමාණයක් ඉකුත් සඳුදා (02) යුක්‍රේනයට යැවූ බව ඇමරිකා එක්සත් ජනපදය විසින් නිවේදනය කර තිබේ.

මෙම මිලි මීටර් 7.62 ක ප්‍රමාණයේ වෙඩි උණ්ඩ මැදපෙරදිග ස්ථානගත වී සිටින ඇමරිකානු මධ්‍යම හමුදා බළකාය මගින් යේමනය හරහා යාත්‍රා කරන ලද නෞකාවක තිබී අල්ලාගෙන ඇත්තේ ඉකුත් දෙසැම්බර් මාසයේදීය. එම උණ්ඩ සෝවියට් දේශය පැවති සමයේ භාවිත කළ රයිෆල් හා සැහැල්ලු මෙෂින් ගන් සඳහා භාවිත කළ හැකි බව ඇමරිකානු හමුදා පවසයි.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය එරටට වෙඩි උණ්ඩ හා ග්‍රෙනේඩ් මිලියන 200කට අධික ප්‍රමාණයක් සපයා ඇති බව වාර්තා වී තිබේ. රුසියානු හමුදාවන්ට එරෙහිව යුක්‍රේන හමුදා විසින් අවි ආයුධ භාවිත කරන වේගයට සරිලන අවි ආයුධ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට යුක්‍රේනයට අවි සපයන නිෂ්පාදකයන් විසින් දැඩි අරගලයක නිරත වී සිටින බව යුක්‍රේනයට හිතවාදී රටවල් නොබෝදා පවසා තිබිණි.

DN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website