බ්‍රහස්පතින්දා, 26 ඔක්තෝබර් 2023 08:40

චීන ආරක්ෂක ඇමැති ඉවතට Featured

චීන ආරක්ෂක අමාත්‍ය ජනරාල් ලී ෂැන්ග්ෆූ එම ධුරයෙන් ඉවත් කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂ රජය පියවර ගෙන ඇත.

65 හැවිරිදි ලී ෂැන්ග්ෆූ ධුරයෙන් ඉවත් කිරීමට පෙර පසුගිය මාස කිහිපය පුරාවට අතුරුදන්ව සිටි බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

ලී ෂැන්ග්ෆූ වෙනුවට එම ධුරයට පත් කරන්නේ කවුරුන්දැයි චීන රජය මෙතෙක් නිවේදනය කර නැත.

මාස 3 ක කාලයක් ඇතුළත, චීන රජයේ ජ්‍යෙෂ්ඨයකු/ අමාත්‍යවරයකු ධුරයෙන් ඉවත් කෙරුණු දෙවැනි අවස්ථාව මෙයයි.

මීට පෙර, චීන විදේශ අමාත්‍ය ලෙස කටයුතු කළ 57 හැවිරිදි සිං ගැන් එම තනතුරෙන් ඉවත් කළේය.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website