බ්‍රහස්පතින්දා, 26 ඔක්තෝබර් 2023 08:42

ගාසා තීරයේ දී මානුෂීය නීතිය කඩවෙලා – එක්සත් ජාතීන්ගේ මහලේකම් කියයි Featured

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසන්නේ “ගාසා තීරයේ අප දකින ජාත්‍යන්තර මානුෂීය නීතියේ පැහැදිලි උල්ලංඝනයන් පිළිබඳව තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින” බවයි.

සිවිල් වැසියන් “මිනිස් පලිහ” ලෙස භාවිතා කිරීම සහ ඉවත් කිරීමේ නියෝගයකින් පසු දකුණු ගාසා තීරයට බෝම්බ හෙලීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මේ බව ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලය වෙත එලල කෙරුණු හමාස් ප්‍රහාරය “රික්තයක් හමුවේ සිදු වූවක් නොවන බව” ගුටරෙස් යෝජනා කිරීමෙන් පසුව ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රිකයින් මේ සම්බන්ධයෙන් කෝපයෙන් ප්‍රතිචාර දැක්වූහ.

ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් දේශනයකදී කළ “අමුතු” ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඔහු ඉල්ලා අස්විය යුතු බවයි. ආධාර ප්‍රමාණවත් තරම් “ඉක්මනින් නොලැබෙන බව” එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් පවසන අතර ආධාර ට්‍රක් රථ අටක් අද ගාසා තීරයට ඇතුළු වූ බව පලස්තීන රතු අඩ සඳ ව්‍යාපාරය ප්‍රකාශ කළේය. හමාස් සංවිධානය විසින් පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් 200 කට වැඩි පිරිසක් ගාසා තීරයේ දිගටම රඳවා සිටින අතර මේ වන විට ඉන් හතර දෙනෙකු නිදහස් කොට තිබේ.

ඊශ්‍රායලය ගාසා තීරයට දැඩි බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර හමාස් පාලනයේ පවතින ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඔක්තෝබර් 7 වැනිදා සිට 5,800 කට ආසන්න පිරිසක්

මිය ගොස් ඇති බවයි. හමාස් තුවක්කුකරුවන් විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලින් 1,400 කට වැඩි පිරිසක් මිය ගියහ.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website