බ්‍රහස්පතින්දා, 09 නොවැම්බර් 2023 08:35

චීනයේ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් තුනක් මරුට Featured

ඊසානදිග චීනයේ ‘හෙයිලෝන්ජීයෑන්ග්’ පළාතේ පිහිටි දෙමහල් ව්‍යායාම්ශාලා ගොඩනැඟිල්ලක් පෙරේදා (06දා) රාත්‍රියේ කඩා වැටීමෙන් එතුළ සිටි සිසුන් තිදෙනකු මියගොස් ඇති අතර තවත් සිසුන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී සිසුන් පිරිසක් ව්‍යායාම්ශාලා ගොඩනැඟිල්ලේ පැසිපන්දු (බාස්කට් බෝල්) ක්‍රීඩාවේ යෙදෙමින් සිට ඇත.

මෙම ව්‍යායාම්ශාලා ගොඩනැඟිල්ල කඩා වැටීමට මුල් වී ඇත්තේ පවතින අධික හිමපතනය බවට චීන මාධ්‍ය විසින් වාර්තා කර ඇති අතර මෙම අනතුර සම්බන්ධයෙන් ව්‍යායාම්ශාලාවේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් පියවර ගෙන තිබේ. මෙම අනතුරෙන් තුවාල ලැබූවන් සොයා සිදු කරන මෙහෙයුම් ඊයේ දහවල් අවසන් වීමට නියමිතව තිබිණි. මෙමං සිද්ධිය සම්බන්ධයෙන් චීන බලධාරීහු පරීක්ෂණ අරඹා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website