අඟහරුවාදා, 21 නොවැම්බර් 2023 09:53

ඩොමිනිකන් රාජ්‍යයේ ජල ගැලීම්වලින් 21ක් මරුට Featured

කැරිබියන් රාජ්‍යයක් වන ඩොමිනිකන් රිපබ්ලික් රාජ්‍යයට ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමග හටගත් ජල ගැලීම්වලට ගොදුරු වීමෙන් කුඩා ළමුන් 03 දෙනකු ඇතුළු 21 දෙනකු මියගොස් තිබේ.

මියගිය පිරිසෙන් 09 දෙනකු ඩොමිනිකන් රිපබ්ලික් රාජ්‍යයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ නගරයේ අධිවේගී මාර්ගයක උමගක් කඩා වැටීමෙන් මියගොස් ඇති බව වාර්තා වී ඇත. මෙම ජලගැලීම්වලට කොටු වී සිටි 13,000කට අධික පිරිසක් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කොට ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

ඩොමිනිකන් රිපබ්ලික් රාජ්‍යයේ හදිසි ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයට අනුව මෙම ජලගැලීම් හේතුවෙන් එරට නිවාස රැසක් යටවී ඇති අතර මාර්ග හා පාලම්වලට හානි සිදු වී විදුලිය විසන්ධි වී තිබේ. ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඩොමිනිකන් රිපබ්ලික් රාජ්‍යයේ පළාත් 32න් බහුතරයකට රතු හා කහ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

DN

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website