ඉරිදා, 17 දෙසැම්බර් 2023 11:59

හංගේරියාව යුක්‍රේනයට සැපයීමට ගිය ආධාර වළකයි Featured

යුරෝපා සංගමයේ සාමාජික රටක් වන හංගේරියාව විසින් යුරෝපා සංගමය විසින් යුක්‍රේනයට ලබා දීමට ගිය යුරෝ බිලියන 50 ක ආධාර ප්‍රමාණය අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරදී පෙරේදා (14) පැවති යුරෝපා සංගමයේ සාකච්ඡාවකදී නිෂේධ බලය යොදමින් අදාළ ආධාර අවහිර කිරීමට හංගේරියාව විසින් පියවර ගෙන තිබේ. මේ හේතුවෙන් යුක්‍රේනයට ආධාර සැපයීම පිළිබඳව යුරෝපා සංගමයේ මීළඟ වටයේ සාකච්ඡා ලබන වසර මුලදී පැවැත්වීමට නියමිතය. යුරෝපා සංගමයේ යුක්‍රේන සාමාජිකත්වය හා ජෝර්ජියාවට සංගමයේ සාමාජිකත්වය ලබා දීම සම්බන්ධයෙන් පෙරේදා යුරෝපා සංගමයේ සාකච්ඡාව පැවැත්වී තිබේ.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website