අඟහරුවාදා, 06 පෙබරවාරි 2024 09:53

ප්‍රහාරයකින් පාකිස්තාන පොලිස් නිලධාරීහු 10ක් මරුට Featured

පකිස්ථානයේ සන්නද්ධ කණ්ඩායමක් විසින් බර අවි යොදාගෙන උතුරු පකිස්තානයේ පොලිස් ස්ථානයකට එල්ල කරන ලද ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 10 දෙනකු මියගොස් ඇති අතර තවත් 06 දෙනකු තුවාල ලබා තිබේ.

‘ටෙහ්රික් ඊ තලිබාන් පකිස්ථාන් කණ්ඩායම විසින් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර පවතින පකිස්තාන රජය පෙරළා දමා දැඩි ආගමික නීති රට තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මේ ආකාරයේ ප්‍රහාරයන් එම කණ්ඩායම විසින් එල්ල කරමින් සිටින බව වාර්තා වී තිබේ.

කයිබර් පක්ටුන්ක්වා කලාපයේ පිහිටි පොලිස් ස්ථානයක් ඉලක්ක කරගෙන එල්ල කර ඇති මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවන් සොයා අදාළ ප්‍රදේශය වටලා මෙහෙයුමක් දියත් කර ඇතැයි පකිස්ථාන පොලිසිය පවසයි. පකිස්තානයේ මහා මැතිවරණය මෙම 08 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර එය මුල් කරගෙන එරට සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති බවද වාර්තා වී තිබේ.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website