සදුදා, 01 අප්‍රේල් 2024 11:44

‘උපත් අනුපාතය ඉහළ දමන්න ඉක්මනට ගෙදර යන්න’ කොරියානු රජයෙන් තරුණ සේවකයන්ට අධිවේගී දුම්රිය සේවාවක් Featured

රැකියාවෙන් පසු වේලාසනින් නිවාස වෙත යෑමට සේවක සේවිකාවන්ට පහසුව සැලැසීමට අධිවේගී දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දකුණු කොරියානු රජය සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට රජය මෙවැනි පියවරක් ගැනීමට තීරණය කර ඇත්තේ පහත වැටී ඇති උපත් අනුපාතය ඉහළ නැංවීමේ ක්‍රමවේදයක් ලෙස බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සෝල් අගනුවර නිවාස සඳහා අධික මිලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් දුර බැහැර පළාත්වල සිට දිගු ගමනකින් පසු අගනුවර සේවයට පැමිණෙන එරට බොහෝ තරුණ තරුණියන් විවාහ වීමට සහ පවුල් ජීවිතයක් ආරම්භ කිරීමට අසීරු තත්ත්වයක පසුවීම උපත් අනුපාතය පහළ වැටීමට හේතුවක් බව මීට පෙර වාර්තා වී තිබිණි. මෙවැනි හේතු රැසක් මත මේ වන විට දකුණු කොරියාව ලොව අඩුම උපත් අනුපාතය ඇති රට බවට ද පත් වී ඇත.

එබැවින් දුර බැහැර සිට අගනුවර සේවයට පැමිණෙන තරුණ තරුණියන්ට ඔවුන්ගේ සහකරුවන් හා සහකාරියන් සමඟ වැඩි වේලාවක් ගත කිරීමට අවශ්‍ය කාලවේලාව සලසා ගැනීම සඳහා වේලාසනින් නැවත නිවාස වෙත යෑම සඳහා අගනුවර සිට මාර්ග 6කට අධිවේගී දුම්රිය යෙදවීමට දකුණු කොරියානු රජය තීරණය කර තිබේ.

දකුණු කොරියානු මුදලින් වොන් ට්‍රිලියන 134ක් වැය කිරීමට අපේක්ෂිත මේ ව්‍යාපෘතියේ සෝල් අගනුවර සුසේයෝ ප්‍රදේශයේ සිට අගනුවරට දකුණින් පිහිටි ඩොංටන් දක්වා මිනිත්තු 19කින් ළඟාවිය හැකි පළමු දුම්රිය මාර්ගය පසුගියදා ජනාධිපති යූන් සුක් යෝල් අතින් විවෘත වී ඇත. බස් රථයකින් එම දුර ප්‍රමාණය ගමන් කිරීමට මිනිත්තු 80කට වැඩි කාලයක් ගත වන බව ද වාර්තා වේ. එම ව්‍යාපෘතියේ අධිවේගී දුම්රිය මාර්ග 6ම වසර 2035දී අවසන් කිරීම දකුණු කොරියානු රජයේ අපේක්ෂාව වී තිබේ.

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website