සදුදා, 01 අප්‍රේල් 2024 11:49

සිරියාවේ කාර් බෝම්බයක් පිපිරී 7ක් මරුට Featured

සිරියාවේ ජනාකීර්ණ වෙළෙඳපොළක කාර් බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයන් 7 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උතුරු ඇලෙප්පෝ පළාතේ අසාස් නුවර මේ බෝම්බ පිපිරීම සිදු වී ඇති අතර, ඉන් පුද්ගලයන් 30 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ. බෝම්බය පිපිරී ගොස් ඇත්තේ පස්වරුවේ උපවාසය නිමා කිරීමට පෙර අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ජනතාව වෙළෙඳපොළට එක්රොක් වූ අවස්ථාවේදී බව ද වැඩිදුරටත් වාර්තා වේ. සිරියාවේ ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇත්තේ මිය ගිය අය අතර දරුවන් ද සිටින බවය. බෝම්බ පිපිරීමේ වගකීම මෙතෙක් කිසිවකු බාර ගෙන නැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

DMN

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website