බදාදා, 01 මාර්තු 2023 08:36

නැගෙනහිර යුක්‍රේනයේ බක්මූත් ප්‍රදේශය අත්පත් කර ගැනීමට රුසියාව තියුණු සටනක Featured

නැගෙනහිර යුක්‍රේනයේ බක්මූත් ප්‍රදේශය අත්පත් කර ගැනීමට රුසියාව මේ වන විට තියුණු සටනක නිරත වෙමින් තිබේ.

යුක්‍රේන හමුදාවේ අණදෙන නිලධාරීයා පැවසුවේ, සති කිහිපයක සිට නගරය අල්ලා ගැනීමට රුසියාව දරන උත්සාහයන්, තීව්‍ර වී ඇති බවයි.

ඊයේ (28) දිනයේ පමණක් සතුරු ප්‍රහාර 60කට වැඩි සංඛ්‍යාවක් මැඩ පැවැත්වීමට සිදුවූ බව යුක්රේන හමුදාව උපුටා දන්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

මේ අතර ඊයේ (28) රුසියාවේ මොස්කව් නගරයට 100km ක් පමණ දුරින් කඩා වැටුණු ඩ්‍රෝන යානයක සුන්බුන් සොයාගෙන තිබේ.

ඒ අසළ පිහිටි ස්වභාවික ගෑස් බෙදාහරින මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් යුක්රේනය මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි රුසියානු බලධාරීන් සැක පළ කරන අතර මේ හේතුවෙන් එරට දේශසීමාවල ආරක්ෂාව තර කරන ලෙස ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් නියෝග කර තිබේ.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website