බදාදා, 01 මාර්තු 2023 21:03

ග්‍රීසියේ දුම්රිය අනතුරින් මිය ගිය ගණන 32 ක් දක්වා ඉහළට Featured

ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 32 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

මගීන් 350 දෙනෙකු රැගත් දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක් අධික වේගයෙන්,එකම රේල් මාර්ගයක ගමන් කිරීමේදී, මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

එම අවස්ථාවේදී මගීන් රැගත් දුම්රියේ ගින්නක් හටගෙන ඇති අතර එරට බලධාරීන් ප්‍රකාශ කළේ, ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවන භටයින් 150ක් සහ ගිනි නිවන රථ 17ක් යොදාගත් බවයි.

සම්පුර්ණයෙන් විනාශ වූ දුම්රිය මැදිරිවල, සුන්බුන් අතර සිරවී සිටිය හැකි පිරිස් සොයා, මෙහෙයුම් ක්‍රියාත්මක බවද විදෙස් වාර්තා වල සඳහන් වේ.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website