ඉරිදා, 06 ඔක්තෝබර් 2024 10:34

තුන්වැනි ලෝක යුද්ධයේදී හැංගෙන්න හොඳම රටවල් Featured

ලොවට තෙවැනි ලෝක යුද්ධයක පෙරනිමිති පහළ නොවන දිනයක් නැති තරම්ය. රුසියානු, යුක්‍රේන යුද්ධය, ඊශ්‍රායලය විසින් ගාසා තීරයට පහර දීම දිනපතා පුවත් මවයි.

මේ අතර පසුගියදා තවත් ද්වන්ධ සටනකට මුල පිරිණි. ඒ ඉරානය විසින් මිසයිල දෙසීයක් පමණ ප්‍රහාරයක් ඊශ්‍රායලයට එල්ල කිරීමත් සමගය. නුදුරු යුද්ධයක උණුසුම චීනය විසින් පිලිපීනය සහ තායිවානය රටවලට දැනෙන්නට සලස්වමින් පවතියි. උතුරු කොරියාව ද අපද්‍රව්‍ය පිරවූ බැලුම් යවමින් අරඅඳින්නේ යුද්ධයකටය. තෙවැනි ලෝක යුද්ධයක බියකරු සිහිනයෙන් රැය පහන් කිරීමට සිදුව ඇති ලොවක සාමකාමී බිමක සැඟවෙන්නට හැකි නම් ඊට වැඩි සහනයක් තිබෙනවාද? භූගෝලීය පිහිටීම අනුව ලොව රටවල් දහයක පණ බේරාගෙන කෙනකුට ජීවත් විය හැකිය.

ඇන්ටාක්ටිකාව

ඇන්ටාක්ටිකාව සැබැවින්ම රටකට වඩා මහාද්වීපයකි. මේ සුන්දර හිම පාරාදීසයේ මනහර බව විඳින්නට ඇති කැමැත්ත නිසා මෙය සංචාරකයන් ආකර්ෂණය කරන විශාල මහාද්වීපයකි. ඇන්ටාක්ටිකාවේ සැඟවෙන්නකුට බියක් නොදැනෙන්නේ එය පෘථිවියෙන් බොහෝ දකුණට වන්නට පිහිටා ඇති බැවිනි.

ආර්ජන්ටිනාව

1982 දී පෝක්ලන්ත දූපත් බෙදා ගැනීමට බි්‍රතාන්‍ය සමග ගැටුණ ද මේ දකුණු අමෙරිකානු රාජ්‍යයේ වාසය කරන්නේ නම් කුසගින්නෙන් දැවීමට සිදු නොවනු ඇත. ඊට හේතුව අධ්‍යයන මගින් හෙළිවී තිබෙයි. න්‍යෂ්ටික බෝම්බ සියයකින් ඇතිවන දුමින් අහස වැසී ගිය ද එය ආර්ජන්ටිනාවේ පොළොවට හිරු එළිය පතිත වීමට බාධාවක් වන්නේ නැත. ඒ නිසා ආර්ජන්ටිනාවේ කෘෂි කර්මාන්තයට න්‍යෂ්ටික බෝම්බවලින් බලපෑමක් ඇති නොවෙයි. එය යුද්ධයේ සාපය නිසා සාගතයෙන් පීඩා විඳින්නට සිදු නොවන බවට සහතිකයකි. ආර්ජන්ටිනාව තිරිඟු වගාවට නම ගිය රටකි.

භූතානය

1971 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳුණු පසු භූතානය කිසිදු ලෝක යුද්ධයකට, අරගලයකට සම්බන්ධ නොවන බව වාර්තා කර තිබිණි. මේ නිසාම ගෝලීය සාම දර්ශකයේ එරට ඉහළ ස්ථානයක වැජඹෙයි. ඊට අමතරව එහි කඳුකර භූ පිහිටීම ද යුද්ධයක් මැද ඇඟබේරා ගෙන ජීවත් වීමට උපකාරී වෙයි.

චිලී

චිලී දේශය ලොව දිගුම වෙරළ තීරයට හිමිකම් කියන රටයි. වෙරළ තීරයේ දිග සැතපුම් 4000ක් ( කි.මි. 6,435ක් ) පමණ වෙයි.

චිලී රාජ්‍යය, අසල්වැසි ආර්ජන්ටිනාව මෙන් වගාවන්ගෙන් සහ ස්වාභාවික සම්පත්වලින් පොහොසත්ය. මෙය දකුණු අමෙරිකාවේ යටිතල පහසුකම් දියුණු රටක් බැවින් වාසයට ද පහසුය.

ෆීජි

ngmhgjgfhfhfhfg

යුද්ධයෙන් දුරස්වී සිටින්නට අවැසි නම් ඊට සුදුසුම දූපතක් වන්නේ ෆීජි දූපතයි. සමීපතම රට වන ඔස්ටේ්‍රලියාවට වඩා සැතපුම් 2700ක් දුරින් සිටින පැසිෆික් සාගරයේ නිරිතට වන්නට පිහිටි ෆීජි දූපත ලෝකයෙන් කෙතරම් දුරස්දැයි සිතන්න. ෆීජි හමුදා සෙබළුන්ගේ ගණන හය දහසක් වන අතර එයින් කියවෙන්නේ එය ලොව සාමකාමී දේශයක් බවය. දූපත් බිමේ ඝන වනාන්තර ඇති අතර මත්ස්‍ය සම්පතින් ද අඩුවක් නැත. ෆීජි තෙවැනි ලෝක යුද්ධයකදී සැඟවෙන්න හොඳම දූපතක් වන්නේ එබැවිනි.

ග්‍රීන්ලන්තය

ඩෙන්මාර්කයට අයත් ග්‍රීන්ලන්ත දූපත ලොව විශාලම දූපත ද වෙයි. දුරස්ථ බවත්, කඳුකර බිමක් වීමත් හදිසියකදී වසන් වීමට සුදුසු පරිසරය තනයි. මෙහි ජීවත් වන්නේ ද 56,000 තරම්වූ සුළු ජනගහනයකි. එවැනි රාජ්‍යයකට ලොව කිසිදු සුපිරි බලවතකු පහර දීමට ඉදිරිපත් වේවියි කියා සිතීමට ද නොහැකිය.

අයිස්ලන්තය

ලොව සාම දර්ශකයේ ඉහළම තැනක වැජඹෙන සුන්දර අයිස්ලන්තය, දුරස්ථභාවයත්, සාගර සම්පතුත් නිසා ආරක්ෂා වී සිටිය හැකි රටවල් අතරට එක්කර තිබෙයි.

ඉන්දුනීසියාව

ඉන්දුනීසියාවේ සැඟවීම ආරක්ෂිත වන්නේ එරට ද කිසිදු ගෝලීය දේශපාලන අර්බුදයකට මැදිහත් නොවන බැවිනි. එරට ලෝක සාමයට කැපවුණු දේශයක් වන්නේ 1948 දී පළමු ඉන්දුනීසියානු ජනපති සුකර්නෝගේ පාලන සමයේ සිට ය.

නවසීලන්තය

ගෝලීය සාම දර්ශකයේ දෙවැනි තැන දිනා සිටින නවසීලන්තය ද ගෝලීය අර්බුදවලදී අපක්ෂපාතීව ක්‍රියා කරයි. එමෙන්ම එය ද කඳුකර රාජ්‍යයක් වන බැවින් ජනතාවට ආරක්ෂාවක් ලැබෙයි.

දකුණු අප්‍රිකාව

දකුණු අප්‍රිකානු රාජ්‍යය ආහාරවලින් අඩුවක් නැති සරු බිමක් සහ නැවුම් ජලය ඇති දේශයකි. මෙහි ඇති නවීන යටිතල පහසුකම් නිසා මෙහි සැඟවෙන්නකුට දුෂ්කර දිවියක් ගත කිරීමට සිදුනොවනු ඇත.

ස්විස්ටර්ලන්තය

ලෝක දේශපාලනයෙන් හුදෙකලාවූ රටකට හොඳම උදාහරණය වන්නේ ස්විස්ටර්ලන්තයයි. එරට ඇති කඳු, භූ පිහිටීම න්‍යෂ්ටික ආයුධවලින් රැකවරණයක් ලබා දෙනු ඇත.

ටුවාලු

කලින් එලිසි දූපත් ලෙස හැඳින්වූ ටුවාලු හවායි සහ ඔස්ටේ්‍රලියාව අතර පිහිටි හුදෙකලා දූපත් පෙළකි. මෙහි ජීවත් වන්නේ 11000ක් පමණ වූ සුළු පිරිසකි. මෙහි ස්වාභාවික සම්පත් හීන නමුත් කිසිදු බලවත් රාජ්‍යයක අවධානයට ලක් නොවන බැවින් ආරක්ෂිතව සිටිය හැකිය.

අන්තර්ජාලයෙනි.

සී. ඩී. කුලසිංහ

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website