දකුණු ලෙබනනය ඇතුළුව රට පුරා සිදුවන ඊශ්රායල ප්රහාරයෙන් පලස්තීන සරණාගතයන් විසිදහසක් පමණ යළි අවතැන් වී ඇතැයි පලස්තීන සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය ප්රකාශ කර තිබේ. මේ වනවිට අවතැන් වූ පලස්තීන සරණාගතයන් 4,300කට පමණ හදිසි සරණාගත කඳවුරු ස්ථාපිත කර ඇතැයි ද, ඊශ්රායල හමුදා අඛණ්ඩව ප්රහාර එල්ල කරන බැවින් එම කඳවුරු ඉතා වේගයෙන් සරණාගතයන්ගෙන් පිරෙන්නට පටන් ගෙන ඇති බවත් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය වැඩිදුරටත් ප්රකාශ කර ඇතැයි වාර්තා වේ.
DN