සදුදා, 07 ඔක්තෝබර් 2024 09:49

හමාස් සංවි­ධා­නයේ ඊශ්‍රා­යල ආක්‍ර­ම­ණ­යට වස­රක් සපි­රෙයි Featured

උතුරු ගාසා තීරයේ ජන­තා­වට වහා ඉව­ත් ව­න්නැයි ඊශ්‍රා­යල හමු­දා­වෙන් නියෝග

හමාස් සංවි­ධා­න­යෙන් පසු­ගිය වසරේ ඔක්තෝ­බර් 7 වැනිදා ඊශ්‍රා­යල ප්‍රහා­ර­යත් සමඟ ආරම්භ වූ දෙපා­ර්ශ්වය අතර යුද ගැටු­මට වස­රක් පිරෙද්දී ඊශ්‍රා­යල ආර­ක්ෂක හමු­දාව උතුරු ගාසා තීරය ආක්‍ර­ම­ණය කර­මින් දරුණු ප්‍රහා­ර­යක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහා­ර­යට පෙර එහි ජන­තා­වට වහා ඉව­ත්වන ලෙස නියෝග කර ඇතැයි ද, අන­තු­රුව ඊශ්‍රා­යල යුද ටැංකි සිය ගණ­නක් සමඟ අති­වි­ශාල සෙබ­ළුන් පිරි­සක් උතුරු ගාසා තීර­යට ඇතුළු වූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඊශ්‍රා­යල හමු­දාව උතුරු ගාසා තීරය ආක්‍ර­ම­ණය කර ඇත්තේ හෙස්බුල්ලා සංවි­ධා­න­යට එරෙ­හිව දකුණු ලෙබ­න­න­යට දරුණු ප්‍රහාර එල්ල කර­මින් සිටි­යදී බවත් වාර්තා වේ.

වසර 1948 අරාබි – ඊශ්‍රා­යල යුද්ධ­යෙන් පසු පළමු වරට ඊශ්‍රා­ය­ලය ආක්‍ර­ම­ණය කළ පසු­ගිය වසරේ ඔක්තෝ­බර් 7 වැනිදා හමාස් සංවි­ධා­න­යෙන් රොකට් ප්‍රහාර 4,300ක් පමණ එල්ල කර තිබූ අතර, විදෙස් ජාති­ක­යන් ඇතුළු 1,139 දෙනකු ඝාත­න­යට ලක්වී තිබිණි. ඊට අම­ත­රව ඊශ්‍රා­යල සිවිල් වැසි­යන් සහ හමුදා සෙබ­ළුන් 250 දෙනකු පමණ ප්‍රාණ ඇප­යට ගත් හමාස් සාමා­ජි­ක­යන් නැවත ගාසා තීර­යට පලා ගොස් තිබිණි.

 DN

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website