අඟහරුවාදා, 08 ඔක්තෝබර් 2024 11:02

ආර්ථික අර්බුදයට සහන සොයා මාලදිවයින ජනපති ඉන්දියාවේ සංචාරයක Featured

දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටින මාලදිවයින නැවත ගොඩනැඟීමට සහයෝගය බලාපොරොත්තුවෙන් එරට ජනාධිපති මොහොමඩ් මුයිසු ඉන්දියාවේ සිව්දින සංචාරයක් ඊයේ ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මොහොමඩ් මුයිසු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යන පළමු ද්විපාර්ශ්වික සංචාරය මෙය වන අතර, මාලදිවයිනේ ආර්ථිකය නැවත ගොඩගැනීමට ඉන්දියාවෙන් විශාල සහයෝගයක් ලැබෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. සිය සංචාරය අතරතුර මාලදිවයින ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ද්‍රව්පදී මුර්මු සහ ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මුණ ගැසීමට නියමිත බවත්, ඉන්දීය අගමැතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඉන්දීය ජනාධිපතිනියගේ නිල ඇරියුමකට අනුව එම සංචාරය ආරම්භ කළ බව මාලදිවයින ජනාධිපති කාර්යාලය නිවේදනය කර ඇත.

DN

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website