අඟහරුවාදා, 08 ඔක්තෝබර් 2024 11:08

සුළි කුණාටුවක් හේතුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයට හදිසි අවස්ථාවක් Featured

මෙක්සිකෝවේ සිට කඩා වැදීමට නියමිත ‘මිල්ටන්’ නමැති දරුණු සුළි කුණාටුව හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ප්‍රදේශ ගණනාවකම බලධාරීන් විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඇමෙරිකාවේ ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානයට අනුව මෙක්සිකෝ වෙරළට ඔබ්බෙන් ස්ථානගත වී ඇති ‘මිල්ටන්’ සුළි කුණාටුව ප්‍රධාන පෙළේ සුළි කුණාටුවක් ලෙස වර්ධනය වී ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වැදීමට නියමිතය.

මෙම සුළි කුණාටුව මෙසේ කඩා වදිනුයේ ‘හෙලේන්’ සුළි කුණාටුව ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වැදී දින 10කට පසුව වන අතර ඉන් හටගන්නා ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් මිනිස් ජීවිත අහිමි වනු ඇති බවට කාලගුණ විද්‍යා අංශ විසින් අනතුරු අඟවා තිබේ. ඉකුත්දා ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වැදුණු ‘හෙලේන්’ සුළි කුණාටුව හේතුවෙන් ප්‍රාන්ත වැසියන් 14 දෙනකු මියගොස් තිබිණි.

DVN

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website