බදාදා, 09 ඔක්තෝබර් 2024 13:52

ඇමරිකාව අඛණ්ඩව ඊශ්‍රායලයට ලබා දුන් යුද ආධාර පිළිබඳ හෙළිදරව්වක් Featured

ඊශ්‍රායලයේ වැදගත්ම සන්ධාන රට ලෙස ඇමරිකාව දිගු කලක් පුරා එරටට අවි ආයුධ සපයා ඇත.

ඇමරිකානු Brown විශ්වවිද්‍යාලය 7 වැනිදා නිකුත් කළ සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව, පසුගිය වසරේ ඔක්තෝබර් 7වනදා සිට මේ දක්වා ඇමරිකාව, ඊශ්‍රායලයට අවම වශයෙන් ඇ.ඩො. බිලියන 17.9ක යුද ආධාර ලබා දී ඇති අතර එය නව ඓතිහාසික වාර්තාවකි.

ඊශ්‍රායලය ඇමරිකාවේ විශාලතම යුද ආධාර ලබන රටයි. 1959 වසරේ උද්ධමනය සැකසීමෙන් අනතුරුව මේ වන විට ඇමරිකාව ඊශ්‍රායලයට සපයා ඇති යුද ආධාරවල සමස්ත වටිනාකම ඇ.ඩො. බිලියන 251.2ක් බව ද එම වාර්තාවේ දැක්වේ.

මෙවර පලස්තීන-ඊශ්‍රායල ගැටුම ආරම්භ වීමෙන් පසුව ඇමරිකාව ‘සටන් විරාමයක් ඉල්ලා සිටින’ අතර අනෙක් පසින් ඊශ්‍රායලයට අඛණ්ඩව විශාල පරිමාණයෙන් යුද ආධාර ලබා දී තිබේ. මෙමගින් ඇමරිකානු ප්‍රතිපත්තියේ අයුක්ති සහගත බව හා ව්‍යාජභාවය අනාවරණය කෙරෙන බව මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

DMN

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website