බදාදා, 09 ඔක්තෝබර් 2024 13:54

විදේශිකයන්ට චීනයට පැමිණීම සඳහා වැඩි පහසුකම් Featured

විදේශිකයන්ට චීනයට පැමිණීම සඳහා තව තවත් පහසුකම් ලබා දෙන බව චීනය පවසයි.

ගෙවුණු සතියක චීන ජාතික දින නිවාඩු සමයේ චීනයේ බොහෝ නගර විදේශීය සංචාරකයන්ගේ ගමනාන්ත බවට පත් වූ බව වාර්තා වේ.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය ඊයේ(08) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ සඳහන් කරමින් කියා සිටියේ විදේශිකයන්ට චීනයට පැමිණීම සඳහා තව තවත් පහසුකම් ලබා දෙන බවයි.

මේ වන විට චීනය රටවල් 24ක් සමග අන්‍යෝන්‍ය වශයෙන් නිදහස් වීසා ප්‍රතිපත්ති අනුගමනය කරන අතර රටවල් 16ක් සඳහා නිදහස් වීසා ලබා දී ඇත. මීට අමතරව, චීනය තවත් රටවල් 54ක් වෙනුවෙන් පැය 72 හෝ පැය 144 තුළ නිදහස් සංක්‍රමණ වීසා ලබා දී තිබේ.

විදේශිකයන්ට චීනයට පැමිණීම සඳහා ලබා දෙන පහසුකම් අඛණ්ඩව පුළුල් කරන බව මෞ නිං මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා ය.

DN

 

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website