බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2024 11:58

ඊශ්‍රායල් ප්‍රහාර නිසා ලෙබනන් භූමියෙන් කාලක ජනතාව නිවෙස්වලින් ඉවතට Featured

දොළොස් ලක්‍ෂයක් අවතැන්

ඊශ්‍රායල පාබල හමුදාව හිස්බුල්ලා සංවිධානයේ කඳවුරු ඉලක්ක කරගෙන දකුණු හා නිරිතදිග ලෙබනනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ලෙබනනයේ සමස්ත භූමි ප්‍රදේශයෙන් කාලක පමණ ජනතාව නිවෙස්වලින් ඉවත් කිරීමේ නියෝග ලැබී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා පවසා තිබේ.

මේ අතර ඉකුත් මස අග සිට ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර හේතුවෙන් ලෙබනන වැසියන් 12 ලක්ෂයක් පමණ මේ වන විට අවතැන්ව සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මෙම දිනවල බීරුට් අගනුවර වැසියන් රාත්‍රියට නිදා ගන්නේ මහා මාර්ග, මුහුදු වෙරළ හා මාටයිර් චතුරශ්‍රයේ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website