සෙනසුරාදා, 11 මාර්තු 2023 20:25

චීන පාලනය ගැන අමෙරිකාවෙන් බුද්ධි වාර්තාවක් Featured

චීන ජනාධිපති ෂී ජින් පින් යළිත් වරක් එරට පාලනය නිල වශයෙන් භාර ගැනීමත් සමග තවදුරටත් ඉහළ යාහැකි බලපෑමක් ගැන අමෙරිකානු බුද්ධි වාර්තාවක් අනාවරණය කර තිබේ.

ඉන් පෙන්වා දී ඇත්තේ ඒ හමුවේ තායිවානයට චීනයෙන් එල්ලවිය හැකි බලපෑම් එලෙස තවදුරටත් ඉහළයා හැකි බවය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ තායිවානය වෙනුවෙන් චීනය ඉදිරියේදී දිගින් දිගටම බලපෑම් කරනු ඇති බවය.

එමෙන්ම තායිවානයට අමෙරිකාවේ මැදිහත්වීම් යටපත් කිරීමටත් චීන පාලනය උත්සහ කරනු ඇතැයි ද අදාළ වාර්තාවෙන් දැක්වෙයි.

ෂී ජින් පින්ගේ බලතල යටතේ කොමියුනිස්ට් පක්ෂයේ පාලනය ශක්තිමත් කිරීම සඳහා චීනය ඉදිරියේදී හමුදා බලය වැඩිවශයෙන් යොදවනු ඇති බවත්, නැගෙනහිර චීන මුහුදේ මතභේදාත්මක කලාප වෙත සිදුකරන මැදිහත්වීම් ද ඉහළ යා හැකි බවත් අදාළ බුද්ධි වාර්තාවේ සඳහන් බව පැවසෙයි.

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website