ඉරිදා, 12 මාර්තු 2023 20:26

තුර්කි වැසියන් යළිත් අවදානමක Featured

ප්‍රමිතියෙන් තොර ඉදිකිරිම් හේතුවෙන් සිය නිවාස කඩා වැටීමේ අවදානමක් සම්බන්ධයෙන් තුර්කියේ ඉස්තාන්බූල් නුවර ජනතාව බිය පළ කරයි.

මිලියන 15ක ජනතාවක් වෙසෙන තුර්කියේ විශාලම නගරයක් වන ඉස්තාන්බූල් නගරයට 2030 වසරේ දී ප්‍රබල භූකම්පනයකින් බලපෑම් එල්ල විය හැකි බවට විශේෂඥයින් මත පළ කර තිබේ.

නගරයේ පවතින නිවාස සංකිර්ණ බහුතරයක් භූකම්පන සම්බන්ධයෙන් වන ආරක්ෂක පරීක්ෂණයෙන් අසමත්වීම හේතුවෙන් භූකම්පන තත්ත්වයක් තුළ එම ගොඩනැගිලි කඩා වැටීමේ ඉහළ අවදානමක් පවතින බව ඔවුන් පෙන්වා දී ඇත.

පසුගිය දා තුර්කියට බලපෑ ප්‍රබල භූකම්පන දෙකකින් පුද්ගලයින් 50,000ක පිරිසක් මියගිය අතර ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් සැලකිල්ලට ගනිමින් විශේෂඥයින් විසින් මීට මාස 3කට පෙර ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබූ බව සඳහන්ය.

ඉස්තාන්බූල් නගරයේ පවතින ගොඩනැගිලිවලින් සියයට 70ක්ම ගොඩනැගිලි ඉදිකිරිම් සම්බන්ධයෙන් පැවති දැඩි නීති ලිහිල් කෙරුණු 1999 වසරෙන් පසුව ඉදිවූ ඒවා බව වාර්තා වේ.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website