සදුදා, 13 මාර්තු 2023 11:24

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි.. Featured

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී 95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වී තිබේ.

මෙවර සම්මාන උළෙලේදී වසර 62කට පසු රතු පලස භාවිත නොවීම විශේෂත්වයකි.

ඔස්කාර් සංවිධායකයින් පෙන්වා දෙන්නේ , මෙවර ෂැම්පේන් වර්ණයෙන් යුත් පලසක් භාවිත කරන බවයි.

මෙවර සම්මාන උළෙලේ හොඳම සහය නළුවාට හිමි සම්මානය හිමි වුණේ, එවිරිතින්ග් එවිරිවෙයා ඕල් ඇටි වන්ස් (Everything Everywhere All at Once ) හි රංගන දායකත්වය වෙනුවෙන් කී වී ක්වාන්ටයි Ke Huy Quan ය

එම චිත්‍රපටයේම රංගනය වෙනුවෙන් ජේමී ලී කාර්ටස් හොඳම සහය නිළියට හිමි සම්මානය දිනා ගත්තේ ය.

එම සම්මානය සඳහා ඇය නිර්දේශ වූ පළමු අවස්ථාවේදීම සම්මානය හිමි වීම විශේෂත්වයකි.

මෙවර සම්මාන උළෙලේදී හොඳම වාර්තා චිත්‍රපටය සඳහා හිමි සම්මානය දිනා ගත්තේ, රුසියානු හිටපු විපක්ෂ නායක ඇලෙක්සි නැවැල්නිගේ චරිතාපදානය ඇසුරින් නිර්මාණය වූ නැවැල්නි සිනමා පටයයි.

ඒ සඳහා ඉන්දීය සිනමා පටයක් වන ඔල් දැට් බ්‍රීත්ස් චිත්‍රපටය ද නිර්දේශ වීම විශේෂත්වයකි

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website