බ්‍රහස්පතින්දා, 23 මාර්තු 2023 16:40

සෝමාලියාවට බලපෑ නියඟයෙන් පුද්ගලයින් 43000ක් ජීවිතක්ෂයට පත් වී ඇත - අඩක් දරුවන් Featured

පසුගිය වසරේ දී සෝමාලියාවට බලපෑ නියඟය හේතුවෙන් පුද්ගලයින් 43000ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව ජගත් සංවිධානය පවසනවා.

සෝමාලියා රජය හා ජගත් සංවිධානය එක්ව නිතුක් කළ වාර්තාවේ දැක්වෙන්නේ. පසුගිය වසරේ දී සෝමාලියාවට වර්ෂාව නොලැබීම හේතුවෙන් දැඩි නියඟයකට මුහුණ දීමට සිදුවූ බවයි.

ජලය නොමැති වීම හේතුවෙන් මෙම පිරිස මිය ගොස් ඇත. ඉතාම ඛේදනීය තත්වය නම් මිය ගිය පිරිසගෙන් අඩක් පමණ වයස අවුරුදු 5ට අඩු දරුවන් බව එම වාර්තාවේ දැක්වෙයි.

ජගත් සංවිධානය අනතුරු අගවමින් පෙන්වා දෙන්නේ මෙම වසරේ මුල් මාස 6 තුළ දී තවත් මරණ 18000ත්, 34000ත් අතර සංඛ්‍යාවක් සිදුවිය හැකි බවටයි.

2011 වසරේ දී සෝමාලියාවට බලපෑ නියඟය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇත.

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website