සිකුරාදා, 24 මාර්තු 2023 17:47

ඉම්රාන් ඛාන් ගේ සිද්ධීන් වාර්තා කිරීමට පකිස්ථාන මාධ්‍යයට වාරණයක් Featured

පාකිස්තානයේ විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය ඉස්ලාමාබාද් අධිකරණ සංකීර්ණයෙන් පිටත සිදුවීම් සජීවීව ආවරණය කිරීම සීමා කර ඇත. පකිස්ථාන තරීක් ඊ පක්ෂ (පීටීඅයි) සභාපති ඉම්රාන් ඛාන් තමාට එරෙහිව ඇති නඩුවක උසාවි විභාගයක් සඳහා පැමිණෙන බව වාර්තාවීමත් සමග මෙම සීමාව පනවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

පකිස්ථාන මාධ්‍ය නියාමන ආයතනය රූපවාහිනී නාලිකාවලට රැලි හෝ මහජන රැස්වීම් සජීවීව විකාශනය කිරීම තහනම් කර ඇති අතර ඕනෑම පක්ෂයක් පුද්ගලයෙක් හෝ සංවිධානයක් ආවරණය කිරීම සඳහා තහනමක් ද පනවා ඇත.ඉම්රාන්ගේ සමන් පාර්ක් නිවසින් පිටත පීටීඅයි සාමාජිකයින් සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අතර ඇති වූ ගැටුම් ගැන සඳහන් කරමින් චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා සජීවී දර්ශන ප්‍රචණ්ඩ මැර කල්ලියක රූප පෙන්වා ඇත. පොලිසියට සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ප්‍රහාර එල්ල කරනවා යැයි තවත් මාධ්‍යයක් වාර්තා කර තිබුණි. විවිධ චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාවල එවැනි දර්ශන සජීවීව විකාශය කිරීම නරඹන්නන් සහ පොලිසිය අතර ව්‍යාකූලත්වයක් සහ භීතියක් ඇති කළ බව පකිස්ථාන මාධ්‍ය නියාමන අධිකාරිය සඳහන් කරයි.,කල්ලියේ එවැනි ක්‍රියාකාරකම් නීතිය හා සාමය අනතුරේ හෙළනවා පමණක් නොව පොදු දේපල හා ජීවිත අවදානමට ලක් කරන බවද අනතුරු අගවයි.

මෙම තහනම පැනවූයේ පීටීඅයි ආධාරකරුවන් සහ නීතිය ක්‍රියාත්මක කරන්නන් අතර දින දෙකක් පුරා පැවති සටන් වලින් පසුව අධිකරණය විසින් නියෝග කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ අවස්ථාවේදීය.70 හැවිරිදි වියේ පසුවන ඉම්රාන් ඛාන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සිට -දේශපාලඥයෙකු බවට පත් විය. ඔහුට 2018 සිට 2022 දක්වා ඔහුගේ අග්‍රාමාත්‍ය ධූරය අවභාවිත කරමින් රුපියල් මිලියන 140 (ඇමෙරිකානු ඩොලර් 635,000) කට අධික විදේශ සංචාර වලදී ලැබුණු තෑගි රාජ්‍ය සන්තකයේ මිලදී ගැනීමට සහ විකිණීමට චෝදනා එල්ල විය.

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website