සිකුරාදා, 31 මාර්තු 2023 16:57

තායිලන්තයේ දැඩි වායු දූෂණයක් - ලක්ෂ 13 ක් රෝගාතුර වෙයි. Featured

එරට සෞඛ්‍ය දත්තවලට අනුව වසරේ ගතවූ පළමු සති 9 යේදී පමණක් එරට පුද්ගලයින් ලක්ෂ 13කට වැඩි පිරිසක් වායු දූෂණය ආශ්‍රිත රෝගාබාධවලින් පීඩා විද ඇතැයි සඳහන් වන අතර ඒ හේතුවෙන් තායිලන්තයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ,ඇතැම් නගරවල කඳු පන්ති නොපෙනෙන මට්ටමකට හා ශාඛවල පත්‍ර අළුපැහැ ගැන්වෙන පරිදි වායුව දූෂණයවී ඇතැයි බව සහ තායිලන්තයේ වායුවේ අන්තරායකර අංශු මට්ටම ඉහළ ගොස් ඇති බවයි.

එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවමින් අවධාරණය කර සිටියේ එමඟින් පෙනහළු, ඇස්, සම සහ හෘද යන රෝග ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවයි.

තායිලන්ත රජය පවතින තත්ත්වය සලකා ගොවිතැන් කටයුතු සඳහා වගාබිම් ගිනි තැබීමද තහනම් කිරීමටයි පියවර ගෙන ඇත.

 

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website