සදුදා, 10 අප්‍රේල් 2023 10:09

ඉන්දියාවෙන් ලංකාවට පොළොව යටින් තෙල් නළ 2ක් Featured

ඉන්දියන් ඔයිල් සමාගම ත්‍රි'මලයේ තෙල් පිරිපහදුවක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා ඉන්දියාවේ සිට මෙරටට තෙල් පොම්ප කළ හැකි භූගත තෙල් නළ දෙකක් ඉදිකරනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

එම තෙල් නළ මගින් ඉන්දියාවේ සිට ත්‍රි'මලයට තෙල් ගෙන ඒම නැව් මගින් ප්‍රවාහනයට වඩා ලාභදායී බව මේ ගැන සක්‍යතා අධ්‍යයනයක් කරන ලද විද්වතුන් පෙන්වා දී ඇතැයිද වාර්තා වෙයි.

දැනට නව තෙල් පිරිපහදුව ඉදිකිරීම සම්බන්ධයෙන් දෙරට බලධරයන් මූලික සාකච්ඡා පවත්වා ඇති අතර මෙරට තුළ මේ වනවිට ඉන්ධන පිරවුම්හල් 225ක් පමණ පවත්වාගෙන යන ඉන්දියන් ඔයිල් සමාගම ඉදිරියේදී තම පිරවුම්හල් සංඛ්‍යාව තවත් වැඩි කිරීමට අපේක්ෂා කරන බවද වාර්තා වෙයි.

දේශපාලන වාර්තාකරු

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website