අඟහරුවාදා, 11 අප්‍රේල් 2023 19:35

අමෙරිකාවේ බැංකුවක වෙඩි තැබීමක් - වීඩියෝ සහිතයි Featured

අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ, ලුයිස්විල් නගරයේ බැංකුවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ.

එම බැංකුවේම සේවකයෙකු වෙඩි තැබීම සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පුද්ගලයා සමූහ වෙඩි තැබීම සිදු කරන අයුරු ඉන්ස්ටර්ග්‍රෑම් හරහා සජිවීව ප්‍රචාරය කිරීමට ද ක්‍රියා කර ඇත.

මිය ගිය 5 දෙනා අවුරුදු 40 ත් 64 ත් අතර වයස්වල පසුවන්නන්වේ. තවත් 9 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි සදහන් වේ. ඉන් එක් අයෙකු මීට සති දෙකකට පෙර නවක පොලිස් නිලධාරියෙකු ලෙස සේවයට එක් වූ අයෙකි. ඔහුගේ හිසට වෙඩි තැබී ඇති අතර, මොළයේ ශෛල්‍ය කර්මයකින් පසු ඔහු තවමත් අසාධ්‍ය තත්වයේ පසුවන බව සදහන් වේ.

වෙඩි තැබීම ආරම්භ වී මිනිත්තු 3 ක් ඇතුළත පොලීසිය එම ස්ථානයට පැමිණි අතර, එහිදී ප්‍රහාරකයා සහ පොලීසිය අතර මාරාන්තික වෙඩි හුවමාරුවක් සිදු වූ බව වාර්තා වේ. ඉන් වෙඩික්කරු ද මාරාන්තික තුවාල ලබා තිබේ.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ, කොනර් ස්ටර්ජන් නැමති 25 හැවිරිදි පුද්ගලයෙකි.

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website