සෙනසුරාදා, 15 අප්‍රේල් 2023 12:59

ජපන් අගමැති ෆුමියෝ කිෂිඩාට දුම් බෝම්බ ප්‍රහාරයක් Featured

ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාට (Fumio Kishida) වකයාමා වරාය නගරයේ පැවති උත්සවයක කතාවක් පවත්වමින් සිටින අතරතුර ප්‍රහාරයක් එල්ල වී තිබේ. අග්‍රාමාත්‍ය වරයා ප්‍රහාරයෙන් වළකා ආරක්ෂා සහිතව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට ජපාන ආරක්ෂක අංශ සමත් වී තිබ

ඔහු දෙසට බටයක් වැනි දෙයකින් දමා ගසා ඇති අතර පිපිරීමක් ද සමඟ දුමක් පිටව යන ආකාරය පටිගත වූ දර්ශනවලින් දැකගත හැකිය.

එම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් අනතුරක් වූ බවට මෙතෙක් වාර්තා වී නැත.

ජපානයේ NHK ජාතික මාධ්‍ය ආයතනය ප්‍රකාශ කරන්නේ අග්‍රමාත්‍යවරයා ආරක්ෂිතව පසුවන බවය. මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වේ.

ජපානයේ වැඩිම කාලයක් අගමැති ධුරයේ සිටි හිටපු අගමැතිවරයකු වන ශින්ෂෝ අබේ පසුගිය වසරේ ජූලි 28 වැනිදා එරට නාරා නගරයේ දී තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්විය.

 

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website