ඉරිදා, 16 අප්‍රේල් 2023 21:44

සුඩාන හමුදා පාලනයට එරෙහිව හමුදා පාලනයක් - වීඩියෝ සහිතයි Featured

සුඩානයේ බලය අල්ලාගෙන සිටින හමුදා පාලකයන්ට එරෙහිව, හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය.

හමුදා කුමන්ත්‍රණය සිදු කළේ ‘රැපිඩ් සපෝට් ෆෝස්’ නමැති අතිරේක හමුදා බලඇණියේ මෙහෙයවීමෙනි.

සුඩානය පුරා හමුදා සොල්දාදුවන් සහ අතිරේක හමුදා බලඇණියේ සන්නද්ධ සාමාජිකයන් අතරේ දරුණු අවි ගැටුම් පවතී. ගැටුම්වලින් 25 දෙනකු මියගිය බවත්, 183 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

‘රැපිඩ් සපෝට් ෆෝස්’ බලඇණියට නායකත්වය දෙන්නේ මොහොමද් හම්දාන් ඩගාලෝය. ඔහු පවසා ඇත්තේ කර්ටෝම් අගනුවර ජනාධිපති මන්දිරය, ගුවන්තොටුපොළ ඇතුළු වැදගත් ස්ථාන රැසක් ග්‍රහණයට ගත් බවය.

 

CNN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website