බදාදා, 19 අප්‍රේල් 2023 09:04

පාකිස්තාන-ඇෆ්ගන් දේශසීමාව අසල විශාල නාය යෑමක් - භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ විසිගණනක් වැළලෙයි - වීඩියෝ Featured

පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යා කරන ටෝර්කාම් දේශසීමා හරස් මාර්ගයට ආසන්නයේ ඊයේ උදෑසන සිදු වූ නාය යෑමකින් භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථ ඇතුළු වාහන විසිගණනක් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම මාර්ගය අයත් කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයට පතිත වූ අධික වර්ෂාව සහ අකුණු සැර තත්ත්වය යටතේ මේ නාය යෑම සිදු වී ඇති අතර, ඒ වන විට දේශසීමාව ආසන්නයේ වාහන විශාල සංඛ්‍යාවක් ගමන් කරමින් තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ.

පාකිස්තාන හමුදාව සහ හදිසි ආපදා කළමනාකරණ කණ්ඩායම් වැළලුණු ට්‍රක් රථ තුළ සිටි පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. ඊයේ පස්වරුව වන විට මළ සිරුරු 3ක් හමු වී ඇති අතර, සෙසු පුද්ගලයන් නිරුපද්‍රිතව බේරා ගැනීමට පාකිස්තාන හමුදාව දැඩි උත්සාහයක නිරතව සිටින බව වාර්තා වේ. විපතට පත් ප්‍රදේශයට විවිධ ඩම්පර්, ඩෝසර් සහ වෙනත් උපකරණ සහ යන්ත්‍රෝපකරණ යුධ හමුදා ඉංජිනේරුවන් සපයා ඇති අතර, මීට අමතරව, සෙවුම් කැමරා, ගලවා ගැනීමේ රේඩාර් වැනි උපකරණ භාවිතා කරමින් ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කර තිබේ.

 

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website