බදාදා, 19 අප්‍රේල් 2023 21:25

අධික හිරු රශ්මි‌යෙන් සම්මාන උත්සවයකදී පුද්ගලයින් දොළොස් දෙනෙකු මිය යයි. Featured

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පැවති සම්මාන ප්‍රදානෝත්සවයකට සහභාගී වීමෙන් පසු පුද්ගලයින් 12 දෙනෙකු තාප ආඝාතයෙන් මිය ගොස් ඇති අතර තවත් බොහෝ පිරිසක් රෝහල් ගත කර තිබේ.

රජයේ අනුග්‍රහය යටතේ පැවති මෙම උත්සවය දැඩි හිරු රශ්මිය තිබියදීත් පැය කිහිපයක් පුරා විවෘත භූමියක පවත්වා ඇත.

ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකුට උපහාර පිදීම සඳහා ඉරිදා දින පැවති උත්සවයට දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වී තිබේ.

උත්සවයට සහභාගී වීමෙන් පසු බොහෝ පුද්ගලයින් විජලනය සහ දැඩි උණුසුම නිසා ඇතිවන රෝග තත්ත්වයන්ට ගොදුරු වී සිටිය බවට පැමිණිලි කර තිබේ.

ඉන්දියාවේ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන මුම්බායි නගරයට ආසන්න වූ නවී මුම්බායි නගරයේ මෙම උත්සවය පැවති අතර පසුගිය ඉරිදා එහි උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 (ෆැරන්හයිට් 100) ලෙස වාර්තා විය. විශේෂයෙන් ඉන්දියාවේ උණුසුම්ම මාසවලින් එකක් ලෙස සැලකෙන අප්‍රේල් මාසයේ දී උදෑසන 11 සිට සවස 4 දක්වා කාලය තුළ හිරු එළියෙන් ආරක්ෂා වී සිටින ලෙස සෞඛ්‍ය විශේෂඥයින් ජනතාවට උපදෙස් දී ඇත.

අධික රස්නය හේතුවෙන් මිනිස් සිරුරට ඇතිවන බලපෑම් මොනවාද?

feer


කිසිදු ආකාරයක වහලක් හෝ ආවරණයක් නොමැතිව දහස් ගණනක් ජනකායක් සෘජුවම හිරු එලිය පතිත වන එළිමහන් භුමියේ වාඩිවී සිටින ආකාරය එම උත්සවයේදී ගනු ලැබූ ජායාරූප වලින් දැක ගත හැකියි.

එම ස්ථානයේ දිවා කාලය පුරා ආහාරපාන සපයා තිබූ බවත්, ජනතාවට වෛද්‍ය ආධාර ලබාදීමට කුටි පිහිටුවා ඇති බවත් බලධාරීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් විපක්ෂය චෝදනා කර සිටියේ මෙම උත්සවය නිසිලෙස සංවිධාන කර නොමැති අතරම, වසරේ මෙවැනි කාල සීමාවක එය නොපැවැත්වීමට තිබූ බවයි.

අප්පාසාහේබ් ධර්මාධිකාරි ලෙසින් ප්‍රචලිත සමාජ සේවකයකු වන දත්තාත්‍රේය නාරායන් ධර්මාධිකාරි වෙත සම්මානයක් පිරිනැමීම සඳහා කාර්ගර් ජාත්‍යන්තර ආයතන ක්‍රීඩාංගණයේදී මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙම උත්සවයට ප්‍රධාන පෙලේ දේශපාලඥයින් එක්විය. ඉන්දීය ස්වෙදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සහ ප්‍රාන්තයේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ නායකයින් රැසක් ද ඒ අතර විය.

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම අවස්ථාවට සහභාගී වූ බවත් එය පැය තුනකට අධික කාලයක් එය පැවති බවත්ය. බොහෝ අය විජලනය, අධි රුධිර පීඩනය සහ තෙහෙට්ටුව ගැන පැමිණිලි කළ අතර විසි දෙනෙකුට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇත.

මහාරාෂ්ට්‍ර ප්‍රධාන අමාත්‍ය එක්නාත් සින්දේ මෙම සිද්ධිය "අනපේක්ෂිත හා වේදනාකාරී" ලෙස හැඳින්වූ අතර මියගිය එක් එක් අයගේ පවුල්වලට වන්දි වශයෙන් ඉන්දීය රුපියල් 500,000 (අමෙරිකානු ඩොලර් 6,102; ස්ටර්ලි පවුම් 4,913) වන්දියක් ලබාදීම ප්‍රකාශයට පත් කළේය. මෙම උත්සවය අතරතුරදී රෝගාතුර වූවන්ට රජය විසින් නොමිලයේ ප්‍රතිකාර ලබා දෙන බව ද අමාත්‍යවරයා පවසා තිබේ.

ආණ්ඩුව ජන ජීවිතය අනතුරේ හෙළා ඇති බවට විපක්ෂ නායකයෝ චෝදනා කර සිටිති. හිටපු ප්‍රධාන අමාත්‍ය උද්ධව් තැක්රේ කියා සිටියේ මෙම උත්සවය “නිසි ලෙස සැලසුම් කර නොමැති” බව හා පරීක්ෂණයක් ඉල්ලා සිටින බවයි.

කොංග්‍රස් ප්‍රකාශක අටුල් ලොන්ඩේ පාටලී ප්‍රාන්ත රජයේ නොසැලකිලිමත් භාවය පිලිබඳ චෝදනා එල්ල කළ අතර එය අප්‍රේල් මාසයේදී උත්සවය පැවැත්වීම නිසා මිනිසුන් මිය ගිය බව පවසා ඇත.

1901 වසරේ පසු වාර්තා වූ උණුසුම් කාලගුණයක් සහිත පෙබරවාරි මාසය මෙම වසරේ දී ඉන්දියාව වාර්තා කර ඇති අතර, මාර්තු සහ මැයි යන කාල සීමාවන් අතර තාප තරංගවල "වැඩි වීමේ සම්භාවිතාව" පිලිබඳව එරට කාලගුණ දෙපාර්තමේන්තුව ද පුරෝකථනය කර තිබේ.

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website