සෙනසුරාදා, 22 අප්‍රේල් 2023 00:25

එලෝන් මස්ක්ගේ රොකට්ටුව මංගල ගමනේදීම පුපුරා යයි - වීඩියෝ සහිතයි Featured

ලොව ප්‍රමුඛ පෙළේ ධනවතෙකු වන එලෝන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් නවතම රොකට්ටුවක් මංගල ගමනේදීම පුපුරා ගොස් ඇත.

ටෙක්සාස් ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළ තීරය ආසන්න ප්‍රදේශයකදී “ස්ටාර් ශිප්” ලෙස නම් කර තිබූ මෙම දැවැන්ත රොකට්ටුව සිය මංගල ගමන ආරම්භ කරන අවස්ථාවේදී පුපුරා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාර්ය මණ්ඩලයේ කිසිවෙකුගෙන් තොරව මෙය ගුවන් ගත කිරීමට පියවර ගෙන ඇත.

සිද්ධියෙන් රොකට්ටුවට විනාශ වුවද පුද්ගලයන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.

එය ගුවන්ගත කර විනාඩි 3කට පමණ පසු පාලනයෙන් මිදී ගොස් මෙසේ විනාශ වී ඇතැයි සදහන් වේ.

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website