සෙනසුරාදා, 22 අප්‍රේල් 2023 09:50

සුඩානයේ 413 දෙනකු ජීවිතක්ෂයට 3500කට අධික පිරිසකට තුවාල - වීඩියෝ සහිතයි Featured

සුඩානයේ හමුදා රජය සහ හමුදාවට අයත් ආර්එස්එෆ් හමුදා බළකාය අතර රටේ බලය අත්කර ගැනීමේ සටන හේතුවෙන් එරට පුද්ගලයන් 413 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.

පසුගිය සතියේ ආරම්භ වූ මේ ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 3500කට අධික බව ද වාර්තා වේ. සුඩානයේ පවතින තත්ත්වය හේතුවෙන් සරණාගතයන් බවට පත්වූ එරට ජනතාවට කඩිනම් සහන ලබාදිය යුතුව ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. ගැටුමට මැදි වූ සිවිල් වැසියන් දහස් ගණනක් මේ වනවිට කාර්ටුම් අගනුවරින් පලා ගොස් ඇති අතර, අගනුවර පිහිටි ජර්මානු තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ එරට සිටින තම වැසියන් වහාම රටින් ඉවත් කිරීමට පියවර ගන්නා බවය.

ඊයේ සිට පැය 72ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණ ද, ගැටුම් තවදුරටත් පවතින බව ද වාර්තා වේ. කාර්ටුම් අගනුවර බොහෝ රෝහල්වල කාර්ය මණ්ඩලය සේවයෙන් බැහැරව සිටින බවත්, සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙමින් තිබෙන බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website