ඉරිදා, 21 මැයි 2023 20:13

මෙක්සිකෝවේ මෝටර් රථ ධාවන තරඟයක් අතරතුර වෙඩි තැබීමක්. වීඩි‌යෝ Featured

මෙක්සිකෝවේ එන්සෙනාඩා හි පැවති මෝටර් රථ තරඟයක් අතරතුර සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම වෙඩි තැබීමෙන් තවත් හත්දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ,මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මෝටර් රථ ධාවන තරඟය අතරතුර, අළු පැහැති වෑන් රථයකින් පැමිණි මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිස වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

එරට වේලාවෙන් සෙනසුරාදා සවස 2.18ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website