බදාදා, 02 අගෝස්තු 2023 14:10

වසර තුනක් තුළ ඉන්දියාවේ කතුන් ලක්‍ෂ 13ක් අතුරුදන් Featured

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දත්තවලට අනුව 2019 සිට 2021 දක්වා වසර තුන තුළ ඉන්දියාවේ කාන්තාවන් ලක්ෂ 13 කට අධික පිරිසක් අතුරුදන් වී ඇත.

එරට රජයේ දත්ත අනුව එම වසර තුන තුළ වැඩිහිටි කාන්තාවන් මිලියනයකට වඩා සහ වයස අවුරුදු 18 ට අඩු ගැහැනු ළමයින් 250,000 කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇත. වැඩිම අතුරුදන්වීම් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ වන අතර එහි වසර තුන තුළ කාන්තාවන් සහ ගැහැනු ළමයින් 198,000 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන් වී ඇත. බටහිර බෙංගාලයේ 193,000 කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බව ජාතික අපරාධ වාර්තා කාර්යාංශ දත්ත පෙන්වා දෙයි.

ඉන්දියාවේ දිල්ලි අගනුවර කාන්තාවන් 60,000කට අධික සංඛ්‍යාවක් සහ තරුණියන් 20,000කට අධික සංඛ්‍යාවක් එකම කාලසීමාවක් තුළ අතුරුදන් වීම් වාර්තා වී ඇති අතර මෙලෙස කාන්තාවන් අතුරුදන් වීම එරට බරපතළ ප්‍රශ්නයක් වී තිබේ. 2021 වසරේ පමණක් ලක්ෂ පහකට ආසන්න කාන්තාවන් සංඛ්‍යාවක් අතුරුදන් වී ඇත.

චතුර පමුණුව

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website