සෙනසුරාදා, 05 අගෝස්තු 2023 09:49

රාහුල් ගාන්ධිට පාර්ලිමේන්තු යන්න පුළුවන් – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි Featured

ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂයේ නායක හා එරට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක රාහුල් ගාන්ධි වරදකරු කරමින් එරට මහාධිකරණයක් විසින් ලබාදී තිබූ තීන්දුවක් අත්හිටුවමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04 දා) තීන්දුවක් නිකුත් කොට ඇත.

එකී තීන්දුව අනුව රාහුල් ගාන්ධිට නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හා එරට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ලෙස කටයුතු කිරීමේ අවස්ථාව මෙන්ම, ලබන වසරේ පැවැත්වෙන එරට පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව ද හිමි වේ.

ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස කිරීමේ චෝනවට වරදකරු කරනු ලැබූ රාහුල් ගාන්ධිට එරට මහාධිකරණයක් මගින් වසර දෙකක සිරදඬුවම් නියම කොට තිබූ අතර එකී තීන්දුව අනුව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ හා ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්වීමේ අවස්ථාව ඔහුට අහිමිවී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website