ඉරිදා, 06 අගෝස්තු 2023 16:12

ඉම්රාන් ඛාන්ට සිර දඬුවමක් Featured

දුෂණ චෝදනාවකට අදාළව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට වසර 3ක සිර දඩුවමක් නියම කර තිබේ.ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් අදාළ දඩුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අධිකරණ නියෝගයට අනුව ඉම්රාන් ඛාන්ට සක්‍රීය දේශපාලනයේ නිරත වීම ද වසර 05කට අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.70 හැවිරිදි ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ, විදෙස් රටවල නියෝජිතයන්ගෙන් ලද වටිනා ත්‍යාග නීති විරෝධීව අලෙවි කළ බව කියන චෝදනාවකට අදාළව මෙම දඩුවම නියම වී තිබේ.ඉම්රාන් ඛාන් විසින් එම චෝදනා මීට පෙර ප්‍රතික්ෂේප කර තිබු අතර, අධිකරණ නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර ඇති බව සඳහන්ය.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website