Items filtered by date: මැයි 2024

සදුදා, 27 මැයි 2024 10:13

පුද්ගලයන් 42,000ක් විපතේ…

පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් රට තුල ඇති වී තිබෙන ආපදා තත්වය සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක අමාත්‍යංශයට අනුබද්ධ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කොළඹ පිහිටි හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පැපුවා නිව්ගිනියාවේ පසුගියදා සිදුවූ දැවැන්ත නායයෑමකින් 670 දෙනකු පොළොවට මිහිදන් වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරින් තක්සේරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දරුවන් 9ක් ඇතුළු 33ක් මරුට / හිමිකරු යුව්රාජ් සිං අත්අඩංගුවට

2024 වසරේ මාර්ග කිලෝමීටර් 1500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් ආරම්භ කළ පළමු මාර්ග ව්‍යාපෘතිය වන පොල්ගස්ඕවිට, වෙනිවැලකොළ පාසල් මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අතීතයේ යාපනයේ පැවති ‘යාපනය ගුරු සිරිත’ රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ බවත්, ඒ අධ්‍යාපන ක්‍රමය යළිත් ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ යාපනය තන්දයි සෙල්වා ශ්‍රවණාගාරයේදී පෙරේදා (25) පැවති යාපනය දිස්ත්‍රික් ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

ඉරිදා, 26 මැයි 2024 09:36

දෙහි මිල අහසේ..

ගාල්ල දිස්ත්‍රික්කයේ දෙහි මිල වාර්තාගත ලෙස ඉහළගොස් ඇතිබව වෙළදුන් පවසයි.

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති මැතිවරණය ප්‍රථමයෙන් මෙ වසරේ ඔක්තොම්බර් මාසයේ 17වන දින පවත් වන බවත්, එම මැතිවරණය කිසිවෙකුටත් වලක්වාලිය නොහැකි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසිය.

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා හෙට(27) සිට 2024 ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website