Editor

Editor

රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා නොදෙන්නේ නම් තමන්ව මරා දමන බවට තර්ජනය කරමින් ලද දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බව පොදුජන පෙරමුණු මහනුවර දිස්ත්‍රික් පාර්ලිම්නේතු මන්ත්‍රී වසන්තා යාපා බණ්ඩාර මහතා පවසයි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු කරගෙන යන බව කියන වගාවකට හා එවැනි ව්‍යාජ ස්ථානවල මුදල් ආයෝජන නොකරන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව හිමි වූ සිරකරුවන් 779ක් නිදහස ලබා මෙම 13 වැනිදා බන්ධනාගාරවලින් පිටව යෑමට නියමිතය.

ඇෆ්ගනිස්තාන සරණාගතයන් නීති විරෝධී ලෙස පිටුවහල් නොකරන ලෙසට සිදු කරන ජාත්‍යන්තර ඉල්ලීම්වලට පාකිස්තාන රජය අවනත විය යුතු බවට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ සරණාගතයන් සහ සංක්‍රමණික අයිතිවාසිකම් පිළිබඳ නියෝජිත ජේම්ස් ජෙනියොන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මාලදිවයිනේ මහ පරිමාණයේ කෘෂිකාර්මික ව්‍යාපෘතියකට එක් වී සිටින චීන සමාගමක් විසින් එහි හමුදා ක්‍රියාකාරකම් සිදු කරන බවට එරට ප්‍රධාන විපක්ෂය වන මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා අලියා ලකුණ හා පොහොට්ටුව ලකුණ හැර අලුත් ලකුණකින් තරඟ වදින බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.

බදාදා, 10 අප්‍රේල් 2024 07:58

ගින්නකින් අක්කර 40ක් විනාශයි..

හැටන් කොටගල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක (09) දින පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර 40 ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා ලබා දී තිබූ පොළී අනුපාතය 5% දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් තමන් තරයේ විරෝධය පල කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීම් පදනම මත ශිෂ්‍යයන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

වසර 7කට පසු උතුරු අමෙරිකානු මහාද්වීපය දිවා කාලයේ අඳුරට හරවමින් පෙරේදා සිදු වූ පූර්ණ සූර්යග්‍රහණය මෙක්සිකෝව, කැනඩාව සහ අමෙරිකාවේ ප්‍රාන්ත 15ක මිලියන 32කට වැඩි පිරිසක් දැක බලා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website