ලංකා සතොස ආයතනය යටතේ දැනට ඇති මත්පැන් බලපත්‍ර සියයෙන් පනස් පහක් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රීන්ගේ බෑණා වන අර්ජුන් අලෝසියස්ට අයත් සමාගමකට පැවරීමේ සූදානමක් ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය හෙළි කරයි.
ඊශ්‍රායලය දකුණු ගාසා තීරයේ රෆා නුවර සිදු කරන හමුදා මෙහෙයුම් නතර කිරීමට බලපෑම් කරන ලෙස දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පදනම් විරහිත සහ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කළ බවට ඊශ්‍රායලය චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
රුසියා යුක්‍රේන යුද්ධයට මෙරට පුද්ගලයන් නීති විරෝධී ලෙස යොමුකිරීමෙ මිනිස් ජාවාරමට සම්බන්ධයෙන් ලැබි ඇති පැමිණිලි සංඛ්‍යාව 243ක් දක්වා ඉහළගොස් ඇතිබව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
චීනයේ වූහාන් නුවර කොවිඩ් වසංගතයේ ව්‍යාප්ත වූ මුල් දිනවලදී එය රූගත කර ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් වසර 4ක සිර දඬුවම් විඳිමින් සිටි චීන මාධ්‍යවේදිනිය නිදහස ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයකුම සිය සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ගුවන්තොටුපොළේදී ලබා දීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් යෝජනා කර ඇත. Ceylon Tea නාමය ලොව ප්‍රචලිත කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වේ.
පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බවත්,