ආර්ථික සහ සංවර්ධන පුවත්

ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ ශක්තිමත් වී තිබේ.

බදු ආදායම වැඩි කිරීමේ ප්‍රයත්නයන් දුප්පත් සහ අවදානම් සමාජ කණ්ඩායම් ආරක්ෂා වන පරිදි සිදුවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.

චීන රජය විසින් මෙරට වී වගා කරන ගොවි ජනතාවට නොමිලයේ ලබා දීම සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98 ක ප්‍රමාණය වහාම ගොවි ජනතාව වෙත බෙදා හරින්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබේ.

යල කන්නය සඳහා ප්‍රමාණවත් ටී. එස්. පී. හෙවත් මඩ පොහොර රට තුළ පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙරට බැංකු පොලී අනුපාත තවදුරටත් ඉහල දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මුළු ආසියාවටම වී වගා කර කන්න දුන්නෙ ශ්‍රී ලංකාවෙන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීම චීනයේ ප්‍රතිචාරය මත රඳා පවතින බව, මුදල් අමාත්‍යාංශය පවසයි.

ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ.

2023 යල කන්නය සඳහා පොහොර ආනයනය ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website