ආර්ථික සහ සංවර්ධන පුවත්

සම්පත් බැංකුව, 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට ආධාර කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක මුදලක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කරන ලදි. සම්පත් බැංකුවේ ‘ජීවිතයට බලාපොරොත්තුවක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ සිදු කරනු ලැබූ මෙම කාලීන පරිත්‍යාගය තුළින් දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි සුවසැරිය ගිලන් රථ 10ක් නඩත්තු කිරීම වෙනුවෙන් අරමුදල් සම්පාදනය කිරීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මෙ වසරේ 3%කින් පමණ හැකිලෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි .නමුත් 2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.5කින් පමණ වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පැවසීය.

ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ එහි නිෂ්පාදන රටවල් හතරකට මේ වනවිට අපනයනය කිරීම මගින් මාසිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකි ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය සඳහන් කළාය.

සිකුරාදා, 12 මැයි 2023 20:03

රන් මිල පහළට

රත්තරන් මිල ඊයේ දින (12) පහළ ගිය බව සමස්ථ ලංකා ස්වර්ණාභරණ සංගමය පවසයි.

ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට සහාය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදකයින්ට ආරම්භක අවධියේ සිට ඉදිරියට ඒමට දිරිමත් කරන හා අනුග්‍රහය දක්වන Spiralation වැඩසටහන සඳහා 2023 වසර වෙනුවෙන් නව අයදුම්පත් භාරගැනීම මේ වන විට ආරම්භ කර ඇත.
අඟහරුවාදා, 09 මැයි 2023 21:10

හෙද විශ්ව විද්‍යාලයක්

හෙද විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු විසින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.

හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ දැනට සිදු කෙරෙන බිම්මල් වගාව තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස චීන රජයේ මෙරට තානාපති චී ෂෙන්හොං මහතා තමන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

නවීන තාක්ෂණයෙන් යුතු හැඳුනුම්පතක් නිකුත් කිරීම, සූර්ය බල විදුලි ව්‍යාපෘතිය හා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නෞකා සේවයක් ආරම්භ කිරීම යන ව්‍යාපෘති 3 කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමුව ඇත.

එප්පාවල ස්වාභාවික පොස්පේට් නිධිය භාවිත කර Single Super Phosphate හෙවත් SSP පොහොර මෙරට නිෂ්පාදනය කරන පළමු සමාගම ලෙස අමානෝ Fertilizer ඉතිහාසයට එක්ව තිබේ.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website