විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුයක් නිකුත් කරමින් පවසන්නේ Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් සදහා එම අනුමැතිය ලැබුණු බවයි.
ශ්‍රී ලංකාවේ 2023 වසරේ අපනයන අංශයේ අදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා රේගු දත්ත වාර්තා පෙන්වා දී ඇත.මෙම වසරේ පෙබරාවාරි මස ඇමෙරිකානු ඩොලර් බිලියන 1.0052 ක ආදායමක් වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ශ්‍රී ලංකාව උපයා තිබේ.
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව එළවළු වලින් 19% හා පළතුරු වලින් 21% ප්‍රවාහනයේ දී විනාශ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා මානුෂීය ආධාර සඳහා ජපාන රජය එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට ඩොලර් මිලියන 1.6 ක් ලබා දුන්නේය.
ශ්‍රී ලංකා රජය (GOSL) වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වන පරිදි වර්ධනය වේගවත් කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත.
ණය ප්‍රතිව්‍යුහගත නොකලා නම් වසරකට ඩොලර් බිලියන 06 බැගින් වසර ගණනක් යනතුරු විදේශ ණය බරක් දරන්නට සිදුවන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකව වැටී ඇති මෙම අසීරු අවස්ථාවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පළමු ණය වාරිකය ලැබුණද දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පනවා ඇති කොන්දේසි ඉතා කඩිනමින් සපුරා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි.