සිකුරාදා, 25 අගෝස්තු 2023 08:11

ෆුකුෂිමා: චීනයේ විරෝධය මැද ජපානය පිරිපහදු කළ න්‍යෂ්ටික ජලය මුහුදට මුදා හරී Featured

ජපානය ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිට පැසිෆික් සාගරයට පිරිපහදු කළ අපජලය මතභේදාත්මක ලෙස මුදා හැරීම ආරම්භ කිරීමත් සමග කලාපය තුළ විරෝධතා මතුව ඇති අතර චීනය විසින් ජපානයෙන් මුහුදු ආහාර ආනයනය සම්පූර්ණයෙන් නතර කරනු ලැබ තිබේ.

එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය වන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) විසින් අනුමතකර තිබියදීත්, මෙම සැලැස්ම ජපානයේ ගැඹුරින් මතභේදයට තුඩු දී ඇති අතර ස්වදේශික ජනතාවද සාගර දූෂණය පිළිබඳ කනස්සල්ල පළ කර තිබේ.

ජපානයේ ධීවර කර්මාන්තයේ නියැළෙන කණ්ඩායම් සහ ඒ ආසන්න පුළුල් කලාපයම සිය ජීවනෝපය ගැන කනස්සල්ලට පත්ව සිටින්නේ, පාරිභෝගිකයන් විසින් මුහුදු ආහාර මිලට ගැනීම නතර කරනු ඇතැයි යන බිය නිසාවෙනි.

ජපානය විසින් සාගරය "පෞද්ගලික කුණුකාණුවක්" ලෙස සලකන බවට චීනය චෝදනා කරන අතර, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) ද "ඒක පාර්ශවීය" ලෙස කටයුතු කරන බවට විවේචනය කරයි. දකුණු කොරියාවේ රජය සැලැස්මට විරෝධයක් නැතැයි ප්‍රකාශ කළ නමුත් එරට බොහෝ පුරවැසියෝ එයට විරෝධය දක්වති.

එසේනම් ජපානයේ සැලැස්ම සහ නිශ්චිතව ම එය ජලයට මිශ්‍රවන්නේ කෙසේ ද? ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ පිරිපහදු කළ අපජලය පැසිෆික් සාගරයට මුදාහැරීමේ ජපානයේ විවාදසම්පන්න සැලසුම දේශීයව මෙන්ම විදෙස් රටවල ද කනස්සල්ල හා කෝපය ඇති කර තිබේ.

න්‍යෂ්ටික අපජලය සමඟ ජපානය කරන්නේ කුමක්ද?


[සුනාමි] ආපදාවේ සිට, ෆුකුෂිමා න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සඳහ ඉන්ධන සපයන නළ සිසිල් කිරීම සඳහා ටෙප්කෝ බලාගාර සමාගම විසින් ජලය පොම්ප කරයි. එහි අදහස වන්නේ බලාගාරය දිනපතාම අපජලය නිෂ්පාදනය කරන අතර ඒවා විශාල ටැංකි තුළ ගබඩා කෙරෙන බවයි.

ccvvvvvv

ටැංකි 1000කට වැඩි සංඛ්‍යාවක් පිරීගොස් ඇති අතර, ජපානය පවසන්නේ බලාගාරය ආරක්ෂිතව ඉවත්කරගැනීම සඳහා අවශ්‍ය නව පහසුකම් ඉදිකිරීමට ටැංකි සහිත භූමිය අවශ්‍ය බවයි. ටැංකි ස්භාවික ආපදාවක දී විනාශවීමට හැකි බව ද ජපානය පෙන්වා දී තිබේ.

පිරිපහදු කළ අපජලය සාගරයට මුදාහැරීම න්‍යෂ්ටික බලාගාර විසින් සාමාන්‍යයෙන් සිදු කරන දෙයක් වුවත්, විචාරකයන් පෙන්වා දෙන්නේ ෆුකුෂිමා වෙතින් එන ප්‍රමාණය පෙර නොවූ විරූ අතිදැවැන්ත ප්‍රමාණයක් බවයි.

ටෙප්කෝ විසින් ෆුකුෂිමා ජලය එහි දියුණු ද්‍රව සැකසුම් පද්ධතිය (ALPS) මගින් පෙරීම සිදු කරන අතර, එය ට්‍රිටියම් හා කාබන් 14 හැර බොහෝ විකිරණශීලී ද්‍රව්‍යන් පිළිගන්නා ප්‍රමිතීන්ට අඩු කරයි.

ට්‍රිටියම් හා කාබන් 14 පිළිවෙළින් හයිඩ්‍රජන් හා කාබන්වල විකිරණශීලී ආකාරයන් වන අතර, ඒ නිසා ඒවා ජලයෙන් වෙන් කිරීම අපහසු ය. ඒවා පෘතුවි වායුගෝලයේ ඇති නිසා සහ ජල චක්‍රයට ප්‍රවේශවිය හැකි නිසා ස්වභාවික පරිසරයේ, ජලයේ සහ මනුෂ්‍යන් තුළ පවා ඒවා පුළුල් ලෙස පැතිරී තිබේ.

මේ දෙකම අඩු මට්ටම්වලින් විකිරණ විමෝචනය කරන නමුත් විශාල ප්‍රමාණයක් පරිභෝජනය කිරීමෙන් අවදානමක් ඇතිවිය හැකි ය.

කිලෝමීටර 1ක භූගත උමඟකින් එය සාගරට නිදහස් කිරීමට ප්‍රථම, පිරිපහදු කළ ජලය තවත් පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකට ලක්කෙරන අතර, ඉන් අනතුරුව ඉතිරි ද්‍රව්‍යයන්වල සාන්ද්‍රණය අඩු කිරීමට මුහුදු ජලය සමග තනුක කරනු ලැබේ. ටෙප්කෝ විසින්, විවිධ අදියවරවලදී පිරිසිදු කරන ලද ජලයේ විකිරණශීලීත්වය මෙන් ම [අපජලය] පිටකරන ස්ථානයේ සාගර ජලය අධීක්ෂණය කරනු ඇත.

ටෙප්කෝ පවසන්නේ හදිසි වෑල්ව පද්ධතිය මගින් තනුක නොකළ අපජලය වැරදීමකින් මුදාහැරීමක් නොකිරීමට සහතික වන බවත්, සුනාමි හෝ භූමිකම්පාවක දී ඉක්මනින් ම ජලය මුදාහරින ස්ථානය යන්ත්‍ර භාවිතයෙන් තොරව වසා දැමීමට සේවකයන්ට හැකි බවයි.

ජපන් රජය පවසන්නේ, [මුදාහරින] අවසන් අවස්ථාවේ ට්‍රිටියම්වල මට්ටම වන ලීටරයකට බැකරල් (විකිරණශීලීත්වය මණින මිනුම් ඒකකය) 1500ක් පමණ එනම්, න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වන නියාමකයන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පානීය ජලය සඳහා අපේක්ෂා කරන මට්ටමටත් වඩා ආරක්ෂිත බවයි. කාබන් 14 මට්ටම ද ප්‍රමිතියට ඇති බව ටෙප්‍කෝ පවසා ඇත.

bnnmm

පිටකරන ජලය මිනිසුන්ට සහ සාගර ජීවිතයට ඇති කරන අවදානම අඩු බව පෙන්වීමට ජපාන රජය සහ ටෙප්කෝ විසින් අධ්‍යනයන් සිදු කර තිබේ.

බොහෝ විද්‍යාඥයන් ද මෙම සැලසුමට සහය දක්වා තිබේ. "මෙම ජලය මුදාහැරීම සාගරයේ ඝනත්වය සහ විකිරණශීලීත්වය යන දෙකම පහළ දානවා. ඉතාමත් පහළ මට්ටමක ඇති විකිරණශීලී සමස්ථානික සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් කියලා කිසි සාක්ෂියක් නෑ," යැයි ජපන් විද්‍යාඥයන් සමඟ විකිරණ පර්යේෂණ ගැන කටයුතු කළ සහ ෆුකුෂිමා වාර්තා පිළිබඳව IAEA වෙත උපදෙස් ලබා දුන් අණුක ව්‍යාධි විශේෂඥ ජෙරී තෝමස් පැවසුවේ ය.

විචාරකයන් කියන්නෙ මොකක්ද?

 

න්‍යෂ්ටික අපජලය මුදා හැරීමේ සැලැස්ම ගැන ෆුකුෂිමා ධීවරයෝ කනස්සල්ලට පත්ව සිටිති

වසර ගණනක රජයේ සහතිකවීම තිබියදීත්, සැලසුම ගැන තවමත් ජපාන ජනතාව තුළ ගැඹුරු විවාදයක් පවතියි. අසාහි ශිම්බුන් පුවත්පත අගෝස්තු මාසයේ කළ සමීක්ෂණයට අනුව 53% ක් ඊට සහය දක්වා තිබූ අතර 41%ක් සහය නොදක්වන බව පවසා තිබුණි.

පරිසර ක්‍රියාකාරීන් ආකාරයටම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කළ මානව හිමිකම් විශේෂඥයන් ද මෙම සැලසුමට විරුද්ධ වී තිබේ. Greenpeace විසින් ටෙප්කෝහි ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ගැන සැක ඇති කරන වාර්තා නිකුත් කර ඇත්තේ, විකිරණශීලී ද්‍රව්‍ය පූර්ණ වශයෙන් ඉවත් කිරීමට එය ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින් ය.

විචාරකයන් පවසන්නේ ජපානය යම් කාල සීමාවකට පිරිසිදු කළ ජලය ටැංකි තුළම තබාගත යුතු බවයි. මෙය නව සැකසුම් තාක්ෂණන් දියුණු කිරීමට කාලය ලබා දෙන බවටත්, ඉතිරි විකිරණශීලීත්වයන් ස්වභාවිකවම අඩු කිරීමට ද ඉඩලබා දෙන බවටත් ඔවුහු තර්ක කරති.

එමෙන් ම මෙම සැලසුමට අකමැති සමහර විද්‍යාඥයෝ ද සිටිති. ඔවුන් පවසන්නේ එය සාගර පතුලට සහ සාගර ජීවීන්ට බලපාන ආකාරය පිළිබඳව වැඩිදුර අධ්‍යනයක් අවශ්‍ය බවයි.

" ප්‍රමාණවත් නොවන විකිරණ විද්‍යාත්මක, පාරිසරික තක්සේරු වාර්තාව අපි දැකලා තියෙනවා විතරක් නෙවෙයි, ජපානයට ජලයට එක්වන්නේ මොනවද, රොන්මඩ හා ජීවීන් තුළට ඇතුළුවන්නේ මොනවාද කියලා හඳුනාගන්න බැරිවෙන තරමට අපිව කණස්සල්ලට පත් කරනවා පමණක් නෙමෙයි, ඒ විදිහට කළොත් ඒක ඉවත් කරන්න කිසිම ක්‍රමයකුත් නෑ... භූතයාව නැවත බෝතලේ ඇතුළට දාගන්න කිසිම ක්‍රමයක් නෑ," යනුවෙන් හවායි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන සාගර ජීවවිද්‍යා විශේෂඥ රොබට් රිච්මන්ඩ් බීබීසී'හි Newsday වැඩසටහනට පැවසුවේ ය.

xxxcccvv

නාගසාකි විශ්වවිද්‍යාලයේ පරමාණුක අවි අහෝසිකිරීමේ පර්යේෂණ මධ්‍යස්ථානයේ පරමාණුක ඉංජිනේරු මහාචාර්යවරයෙකු වන තත්සුජිරෝ සුසුකි බීබීසී වෙත පැවසුවේ සැලැස්ම "හැමදෙයක්ම හොඳින් සිදුවුණොත් [එය] බරපතල පරිසර දූෂණයකට තුඩු දීමක් හෝ පහසුවෙන් ජනතාවට හානියක් වෙන්නේ නෑ," යනුවෙනි.

නමුත් 2011 ව්‍යසනය වළක්වා ගැනීමට ටෙප්කෝ අපොහොසත් වූ නිසා අපවිත්‍ර ජලය හදිසියේ නිදහස් කිරීමේ හැකියාව පිළිබඳ ඔහු තවමත් සැලකිලිමත් වන බව ඔහු පැවසුවේ ය.

ජපානයේ අසල්වැසියන් කියන්නේ මොකක්ද?
ජපානය විසින් "ජාත්‍යන්තර සදාචාර සහ නෛතික බැඳීම්" උල්ලංඝණය කරන බවට සහ "මුළුමහත් මානව වර්ගයාගේ දීර්ඝකාලීන යහපැවැත්මට වඩා තම ආත්මාර්ථකාමී අවශ්‍යතාවලට ඉහළින් තබාගෙන සිටින" බවටත් ජපානයට චෝදනා කරමින් චීනය වැඩියෙන් හඬ නඟා ඇත.

ටෝකියෝව විසින් "සියලු ප්‍රතිවිපාක දරාගත යුතු" බවට චීනය අනතුරු හඟවා ඇති අතර, මේවන විටත් ෆුකුෂිමා සහ අවට ප්‍රාන්ත වලින් ගෙන එන මුහුදු ආහාර තහනම් කර තිබේ.

ජපානයේ මෑත කාලීන මිලිටරි නැගීම සහ තායිවානය ආසන්නයේ චීනයේ කුපිත කරවන පියවරයන් ආතතීන් ඉහළ නැංවීමත් සමඟ මේවන විට දෙරට අතර ඇත්තේ කටුක සම්බන්ධතාවයකි.

චීනය මෙන් නොව, ජපානය සමඟ සබඳතා ගොඩනගා ගැනීමට ඉතා උනන්දු දකුණු කොරියාව විසින් චීනයට පරස්පර ලෙස තම අදහස මෘදු ලෙස පවසා තිබේ. දකුණු කෙරියාව පවසන්නේ එය IAEA සොයාගැනීම්වලට "ගරු කරන" බවත් සැලසුම අනුමත කරන බවත් ය.

නමුත් මෙම ප්‍රවේශය දකුණු කොරියානු ජනතාව කෝපයට පත් කර ඇති අතර, ආසන්න මත විමසුමකදී ඊට සහභාගි වූ 80%ක් අපජලය සාගරයට මුදා හැරීම පිළිබඳ කණස්සල්ල පළ කර තිබේ.

"මුහුදට මළ අපද්‍රව්‍ය දාන එක නවත්වන්න රජයට ලොකු ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ වුණාට සාගරයට ජරාවතුර යවන එක ගැන රජය දැන් (ජපානයට) වචනයක් කියන්නෙ නෑ," යැයි බීබීසී කොරියා වෙත දකුණු කොරියාවේ ධීවරයෙකු වන පාක් හී ජුන් පැවසුවේ ය.

"සමහර නිලධාරීන් කියනවා පාරිභෝගිකයන්ව තවත් කණස්සල්ලට පත් කරන්න ඕනෙ නැතිනම් සද්ද නැතිව ඉන්න කියලා. මම නම් හිතන්නේ ඒක මෝඩ කතාවක්."

ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයෙන් ඉල්ලා ඉල්ලමින් දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති විරෝධතාවලට දහස් ගණනක් සහභාගී වූහ. ආහාර සැපයුම කඩාකප්පල් වේ යැයි බියකින් සමහර සාප්පු හිමියන් ලුණු සහ අනෙකුත් අවශ්‍ය භාණ්ඩ තොග රැස්කර තිබේ.

hhnnmvvv

අඟහරුවාදා දිනයේ සෝල් ක්‍රියාකාරිකයන් විසින් IAEA වාර්තාවට, ජපාන හා දකුණු කොරියානු ආණ්ඩුවලට විරුද්ධව විරෝධතා පවත්වන ලදි.

ඊට ප්‍රතිචාර වශයෙන්, ජූනි අගදී දකුණු කොරියානු පාර්ලිමේන්තුව ජලය නිදහස් කිරීමේ සැලැස්මට විරුද්ධ වෙමින් යෝජනාවක් සම්මත කළ නමුත් එය ජපානයේ තීරණයට මෙය කුමන බලපෑමක් ඇති කරයිද යන්න පැහැදිලි නැත. නිලධාරීන් විසින් මුහුදු ආහාර "දැඩි ලෙස පරීක්‍ෂා කිරීම්" ක්‍රියාවට නංවමින් සිටින අතර ෆුකුෂිමා බලාගාරය අවට ප්‍රදේශවලින් ජපාන මුහුදු ආහාර ආනයනය කිරීම ගැන දැනට පවතින තහනම සමඟ එක් ව සිටියි.

ජනතාවගේ බිය සමනයට, එය ආරක්ෂිත බව පෙන්වීමට තමා ෆුකුෂිමා ජලය පානය කිරීමට සූදානම් බව අගමැති හන් දක් සූ පැවසූ අතර, එක් නිලධාරියෙකු පසුගිය සතියේ පැවසුවේ [ජල] පිටකරන ජලය සුළු ප්‍රමාණයක් පමණක් කොරියානු මුහුදට මුසුවන බවයි.

මේ අතරතුරේ දී පැසිෆික් දූපත් කලාපීය කණ්ඩායම මෙම සැලැස්ම "තවත් ප්‍රධාන න්‍යෂ්ටික දූෂණ ආපදාවක්"ලෙස නම් කර තිබෙන්නේ, එහි සාමාජිකයන් කිහිපදෙනෙකු එක්සත් ජනපදයේ න්‍යෂ්ටික අත්හදාබැලීම් වල ප්‍රතිවිපාක තවමත් අත්විඳින බැවින් ය.

ජපානය ප්‍රතිචාර දැක්වූයේ කෙසේ ද?


ජපාන් බලධාරීන් සහ ටෙප්කෝ විසින් පුළුල් ජනතා දැනුවත්කිරීමේ ව්‍යාපාර දියත් කර ඇති අතර අගමැති ෆුමියෝ කිෂිඩා "උසස් විනිවිදභාවයක්" ලබා දෙන බවට පොරොන්දු වී තිබේ.

ප්‍රතිකර්ම සහ ජලය නිකුත් කිරීම පිළිබඳව බහුභාෂාවලින් පැහැදිලිකරන මාර්ගගත පිවිසුමකින්, ජලයේ විකිරණශීලී මට්ටමේ තත්කාලීන දත්ත මාර්ගගතව ප්‍රකාශයට පත් කිරීමට ද ටෙප්කෝ පොරොන්දු වී තිබේ.

විදේශීය නියෝජිතයින්ට සහ බීබීසී ඇතුළු මාධ්‍ය ආයතනවලට සැකසුම් පහසුකම්වල නිරීක්ෂ චාරිකා සඳහා ආරාධනා කර ඇති අතර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ටෝකියෝව සිය අසල්වැසියන් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

ජපානය විසින් සිය විදේශ සබඳතා අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද ලේඛනයන්හි, කලාපයේ අනෙකුත් න්‍යෂ්ටික බලාගාරයන් විසින්, විශේෂයෙන් චීනය ට්‍රිටියම් ඉතා ඉහළ මට්ටමකින් සාගරයට බැහැර කරන බව පෙන්වා දුන්නේය. චීන න්‍යෂ්ටික බලාගාරවල ප්‍රකාශයට පත් කර ඇති දත්ත සමඟින් මෙම සංඛ්‍යාවලින් සමහරක් සත්‍යාපනය කිරීමට බීබීසීයට හැකි විය.

නමුත් විශාලත ම තහවුරුකිරීම ජුලි මාසයේ ජපානයේ සංචාරයක් අතරතුර ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානි රෆායල් ග්‍රෝසි විසින් නිකුත් කළ IAEA වාර්තාව මත පවතී.

වසර දෙකක විමර්ශනයකින් පසුව නිකුත් කළ වාර්තාව මගින් සොයා ගෙන තිබුණේ, ටෙප්කෝ සහ ජපන් බලධාරීන් විසින් පහසුකම්, පරීක්ෂා කිරීම් හා බලාත්මක කිරීම, පාරිසරික අධීක්ෂණය සහ විකිරණශීලීතා තක්සේරු කිරීම් ඇතුළු අංශ කිහිපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රමිතීන් සපුරාලන බවය.

ග්‍රෝසි පැවසුවේ සැලැස්ම "මිනිසුන්ට හා පරිසරයට නොසලකා හැරිය හැකි තරම් විකිරණ බලපෑමක්" වන බවයි.

එහෙත්, ෆුකුෂිමා ජලය මුදාහැරීමේ ජපානයේ තීරණය විවේචකයන් සමඟ තියුණු සටනකට වේදිකාවක් නිර්මාණය කර තිබේ.

අතිරේක වාර්තාකරණය යුනා කු සා චිකා නකයාමා

ටීසා වොන්ග්
ආසියානු ඩිජිටල් වාර්තාකරු, බීබීසී පුවත්

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website